ඇඳිරි නීතිය යළි පැනවේ

ඇඳිරි නීතිය යළි පැනවේ

ගම්පහ ප්‍රදේශයට අද ප.ව. 7.00 සිට හෙට පෙ.ව. 6.00 දක්වාත් දිවයිනේ සියළුම ප්‍රදේශයන්ට අද ප.ව. 9.00 සිට හෙට පෙ.ව. 4.00 දක්වාත් බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි. 

එමෙන්ම වයඹ පළාතට බලපාන ලෙස පනවා ඇති පොසේ ඇඳිරි නීතිය අද(14) පස්වරු 4 ඉවත් කිරීමට තීරණය කර ඇත.

නැවතත් වයඹ පළාතට බලපැවැත්වෙන ලෙසට අද පස්වරු 6 සිට හෙට(15) උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය පනවන බව ද පොලීසිය සඳහන් කරයි.

කෙසේවෙතත් වයඹ පළාතට නැවත දැනුම් දෙන තුරු තවදුරටත් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

වයඹ පළාතේ ප්‍රදේශ කිහිපයක ඇති වූ නොසන්සුන් තත්ත්වයන් පැතිර යාම වැළැක්විම සඳහා කුලියාපිටිය බිංගිරිය,දුම්මලසූරිය,හෙට්ටිපොළ,කොබෙයිගනේ හා රස්නායකපුර යන පොලිස් බල ප්‍රදේශවලට ඊයේ පොලිස් ඇඳිරි නීතිය පැනවූ අතර පසුව එය සමස්ත වයඹ පළාතටම ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගනු ලැබීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න