ජනාධිපති සිරිසේන සහ චීනය අතර ගිවිසුම් 3ක් අත්සන් තැබේ !

ජනාධිපති සිරිසේන සහ චීනය අතර ගිවිසුම් 3ක් අත්සන් තැබේ !

චීනය ශ‍්‍රී ලංකාව තුළ සිදු කරන සුවිශාල ආයෝජන සහ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් වන ඉතා වැදගත් සුවිශේෂ ගිවිසුම් 03කට එරට එක් දින නිල සංචාරයක යෙදෙන ජනාධිපති සිරිසේන සහ චීන රජය ඊයේ (14) දිනයේ දී අත්සන් තැබීමට නියමිත විය.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත්කර ඇති ඊට අදාළ නිවේදනයේ මේ බව සඳහන් කර ඇති අතර එහි මෙසේද දැක්වෙයි.

වසරක් පාසා වැඩිම සංචාරකයන් පිරිසක් චීනයෙන් ශ‍්‍රී ලංකාවට පැමිණෙන අතර ශ‍්‍රී ලංකාවේ විශාලම ආයෝජන අවස්ථාවන් ද චීනය මඟින් කි‍්‍රයාත්මක කිරීම හේතුවෙන් මෙම ගිවිසුම් ශ‍්‍රී ලංකාවට ඉතා වැදගත් වනු ඇත.

මේ අතර ජනාධිපති සිරිසේන සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවති නිල හමුවේ දී 21 වනදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ශ‍්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට සහ සියලූ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන තිබෙන ආරක්ෂක විධිවිධාන පිළිබ`ද විශේෂ කරුණු රැසක් සාකච්ඡාවට ලක් විය.

මේ අතර ජනාධිපතිතුමා කළ විශේෂ ඉල්ලීමක් පරිදි ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ස`දහා ජීප් රථ 100ක් වහාම ශ‍්‍රී ලංකාවට ලබාදීමට ද චීන රජය එකඟතාව පළ කර තිබේ.

මීට අමතරව චීනයේ බීජිං නගරයේ දී අද (15) පැවැත්වෙන ආසියානු ශිෂ්ටාචාරයන් පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේදී ජනාධිපතිතුමා රට තුළ පවතින වත්මන් තත්ත්වය සහ රටේ අනාගතය වෙනුවෙන් ගන්නා වූ සුබවාදී තීරණ ජාත්‍යන්තර නායකයන් ඉදිරියේ පැහැදිලි කරනු ඇත.

රාජ්‍ය නායකයා ලෙස, පසුගියදා රටේ ඇති වූ ව්‍යාකූල තත්ත්වය ඉතා හොඳින් කළමනාකරණය කරමින් තිබෙන පරිසරයක ශ‍්‍රී ලංකාවේ ආයෝජනය කළ සහ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන කණ්ඩායම්වල විශ්වාසය තහවුරු කිරීම සහ සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ගෙන ඇති පියවර පිළිබඳවද ජනාධිපතිතුමා මෙහිදී පැහැදිලි කිරීමට නියමිතය.

අන්තවාදී කණ්ඩායම්වල පටු අරමුණුවලට ඉඩක් නොතබා නීතිය තදින් කි‍්‍රයාත්මක කරමින්, රටේ සාමය පවත්වාගෙන යාමට අවශ්‍ය සියලූ තින්දු තීරණ ජනාධිපතිතුමා විසින් ගෙන තිබෙන අතර එම වගකීම් තවදුරටත් ඉදිරියට ගෙන යාමට ආරක්ෂක අංශ සහ රාජ්‍ය නිලධාරින්ට බලය පවරා ඇති තත්ත්වය ද ජනාධිපතිතුමා මෙහි දී ලෝක නායකයන් හමුවේ පැහැදිලි කරනු ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න