Language Switcher

V2025

දේවානන්ද ඝාතන සිද්ධියේ වරදකාරියට අත්හිටවු සිරදඬුවම්

2014 වර්ෂයේ ජුලි මාසයේදී කොල්ලුපිටිය ප්‍රදේශයේදී හිටපු අමාත්‍ය ඊපීඩීපි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා මරා දැමීම සඳහා මරාගෙන මැරෙන බෝම්බකාරියකට ආධාර අනුබල දීමේ චෝදනාවට වරදකාරිය වු යාපනයේ පදිංචි තිදරු මවකට අද (16) කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි අත්හිටවු සිරදඬුවම් සහ දඩ නියම කළේය.

සෙල්වකුමාර් සත්‍යවේල් නැමැති ඇය දඬුවම් විදිය යුතු කාලයටත් වඩා වැඩි කාලයක් රිමාන්ඩ් බාරයේ පසු වී ඇතැයි සඳහන් කළ විනිසුරුවරයා ඇයට නියම කළ මාස 24 ක සිරදඩුවම අවුරුදු 15 ක කාලයක් සඳහා අත්හිටවනු ලැබු අතර ඇයට රුපියල් 25000ක දඩයක් නියම කැරිණි.