රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගය ගැන ශ්‍රීලනිප තීන්දුවක් ගෙන නෑ - දුමින්ද

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගය ගැන ශ්‍රීලනිප තීන්දුවක් ගෙන නෑ - දුමින්ද

ඇමති රිෂාඩ් බදියුදීන්ට එරෙහිව කතානායකවරයාට බාර දී ඇති විශ්වාසභංගයට සහය දෙන්නේ ද නැද්ද යන්න ගැන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙතෙක් තීරණයක් ගෙන නැතැයි එම පක්‍ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක පවසයි.

මන්ත‍්‍රී දුමින්ද දිසානායක මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඒ සම්බන්ධයෙන් පක්‍ෂයක් ලෙස දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

විශ්වාසභංගය ගෙන එන ඒකාබද්ධ විපක්‍ෂය තුළත් ඒ සම්බන්ධයෙන් මත දෙකක් ඇති බව පෙනීයන්නේ යැයි ද දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා පැවසූ අතර මෙහිදී කටයුතු කළ යුත්තේ කෙසේ ද යන්න ගැන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වගකීමෙන් යුතුව තීන්දුවක් ගන්නා බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ආණ්ඩුකාරවරුන් ගැන ජනාධිපති තීන්දුවක් ගනියි !

එසේම නැගෙනහිර සහ බස්නාහිර ආණ්ඩුකාරවරුන් සම්බන්ධවද ජනාධිපතිවරයා ඉදිරියේදී තීන්දුවක් ගැනීමට නියමිත බවත් මන්ත්‍රීවරයා පැවසීය.

විවිධ කතා පැවතියත් ඔවුන් ත්‍රස්ත කටයුතු සම්බන්ධව සිටින බවට සාක්ෂි නොමැති බැවින් ඒ ගැන විධිමත් ලෙස පියවර ගතයුතුව ඇති බවත් දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න