සිරියාවට ගිය පුතා ලක්ෂ 40 කට වඩා එවලා : පියා පොලිසියට දන්වයි !

සිරියාවට ගිය පුතා ලක්ෂ 40 කට වඩා එවලා : පියා පොලිසියට දන්වයි !

සිරියාවේ සිටින තම පුතා විසින් දන්වා තිබූ පරිදි මුහුණ වසා ගත් කාන්තාවක් පැමිණ පාර්සලක් දී ගිය බවත් ඊට ටික දිනකට පසු මුහුන වසාගත් පුද්ගලයෙකු පැමිණ තවත් පාර්සලයක් දී ගිය බවත් ඒවායේ මුදල් ලක්‍ෂ 40කට වැඩි ප‍්‍රමාණයක් තිබූ බවත් පියා විසින් ආරක්ෂක අංශ වෙත පැමිණිලි කිරීමේ සිදුවීමක් වාර්තා වෙයි.

පුතා විසින් දැන්වූ පරිදි ඒවා ඇමරිකානු ඩොලර්වලට මාරු කල බවද පියා සදහන් කර තිබේ.

මෙසේ එවන ලද මුදල්වලින් කොටසක් දෙහිවල ප්‍රදේශයේ නිවසක තිබියදී සොයා ගත් බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මේ අතර ISIS ත්‍රස්තවාදීන් සමග සිරියාවේ දී පුහුණුවීම් කරන ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලැබී තිබේ.

ඔවුන් විසින් මෙරටට එවන ලද රුපියල් හතළිස් ලක්ෂයකට වැඩි මුදලක් සම්බන්ධයෙන්ද ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව මෙයින්ද පැහැදිළි වන්නේ මෙරට මුස්ලීම් ප්‍රජාවෙන් සාතිශය බහුතරයක් ත්‍රස්තවාදී කටයුතුවලට එරෙහි බවය. එසේම සිය දරුවා වුවත් ඔවුන් සම්බන්ධව පවා ආරක්ෂක අංශ දැනුවත් කරන්න මාපියන් කටයුතු කරන බවය. එවැනි පසුබිමක ඉතාම නින්දාසහගත ලෙස මුස්ලීම් ප්‍රජාව ඉලක්ක කර කෙරෙන ප්‍රචණ්ඩත්වය අප කවුරුත් ප්‍රතික්ෂේප කල යුතුව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න