සරණාගතයන් 1670ක් ලංකාවේ !

සරණාගතයන් 1670ක් ලංකාවේ !

සරණාගතභාවය සහ දේශපාලන රැකවල් පතා පැමිණි විදේශීය සරණාගතයින් 1670 දෙනෙකු මේ වනවිට ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

ඒ අනුව ඉකුත් මාර්තු 31 වැනිදා වනවිට විදේශික සරණාගතයින් 851දෙනෙකු සහ දේශපාලන රැකවල් ඉල්ලා පැමිණි විදේශිකයින් 819 දෙනෙකු ලංකාවේ රැඳී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාල නිල වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.

ලංකාවේ සිටින විදේශීය සරණාගතයින්ගෙන් වැඩි පිරිසක් පකිස්ථානු ජාතිකයෝ වෙති. පකිස්ථානුවෝ 608 දෙනෙක් සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයීය රැකවල් යටතේ මෙරට රැඳී සිටිති. මීට අමතරව ඇෆ්ඝනිස්ථානයෙන් සරණාගත පිරිස් 146 ක්ද, මියන්මාරයෙන් 34 ක්ද, ඉරානයෙන් 22 ක්ද, සිරියාවෙන් 14 ක්ද, යේමනයෙන් 13 ක්ද, පලස්තීනයෙන් 9 ක්ද, එරිත්‍රියාවෙන් 2 ක්ද, සෝමාලියාව, මාලදිවයින හා ටියුනීසියාවෙන් එක් අයෙකු බැගින්ද සරණගතයන් ලංකාවේ රැඳී සිටියි.

දේශපාලන රැකවල් පතා පැමිණි විදේශිකයින් 819 දෙනාගෙන් 733 ක් පකිස්ථාන ජාතිකයින් යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය නිල වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.

එම පිරිසට අමතරව ඇෆ්ගනිස්ථානුවෝ 55 ක්, නයිජීරියානුවෝ 8 ක්, ඉරාන ජාතිකයෝ 8 ක්, සුඩානවාසීහු 4 ක්, මාලදිවයින හා යේමන ජාතිකයෝ 3ක්, බංගලාදේශ ජාතිකයෝ 2 ක්ද, පලස්තීනය, සිරියාව, ඉන්දියාව රටවල්වලින් පුද්ගලයන් 1 බැගින්ද වන විදේශිකයෝ මෙරට දේශපාලන රැකවල් ඉල්ලා සිටිති.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය හා ශ්‍රී ලංකා ආණ්ඩුව ඇති කර ගත් එකඟතාව මත මොවුහු මෙරට රැඳී සිටිති.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න