පාදඩ ප්‍රචණ්ඩ ක්‍රියා තැන තැන : දැඩි දඬුවම් විඳින්න ලෑස්ති වනු - පොලිසිය දන්වයි !

පාදඩ ප්‍රචණ්ඩ ක්‍රියා තැන තැන : දැඩි දඬුවම් විඳින්න ලෑස්ති වනු - පොලිසිය දන්වයි !

අලුත්ගම දර්ගා නගරයේ පිහිටි වෙළඳ සැලකට කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කර ඇතැයි අලුත්ගම පොලීසිය සඳහන් කරයි.

ගින්නට හසුවිමෙන් වෙළද සැලට මෙන්ම එහි තිබු දේපළ වලට බරපතළ අලාභ හානි සිදුව ඇති බවත් වාර්තා වෙයි.

අද (16) අලුයම 12.45 ට පමණ යතුරුපැදි දෙකකින් පැමිණි සිවු දෙනෙකු එම වෙළඳ සැල අසලට ළඟා වන අයුරුහා ගිනි ගත් වහාම ඔවුන් පිටවි යන අයුරු ආසන්නයේ තිබු සිසිටිවි කැමරාවක සටහන් වි ඇතැයිද පොලීසිය පවසන අතර මෙම ගින්න ප්‍රදේශයේ තිබෙන සාමකාමී තත්ත්වය බිඳදමන්න සිදුකළ කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද යන්න සම්බන්ධව පැති කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වන බවත් පැවසේ.

එසේම මීට සම්බන්ධ වූවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් ඔවුන්ට නීතිය පාර්ශවයෙන් කිසිම ලිහිලක් ලැබීමට ඉඩනොතබන බවත් එම ආරංචිමාර්ග අවධාරණය කරයි.

මෙම ගින්නෙන් වෙළඳ සැලට රුපියල් ලක්ෂ 15 ක පමණ අලාඪයක් සිදු වි ඇතැයිද දැනගන්නට ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න