මාධ්‍යවේදීන් පැහැරගෙන චෝදනා ඇති බුලත්වත්ත : දැන් හමුදාපති ළඟ !

මාධ්‍යවේදීන් පැහැරගෙන චෝදනා ඇති බුලත්වත්ත : දැන් හමුදාපති ළඟ !

ජනමාධ්‍යවේදීන් ඝාතනය හා පැහැරගෙනයාමේ චෝදනා එල්ලව සිටින මේජර් ප්‍රභාත් බුලත්වත්ත නැවත සක්‍රිය සේවයට යොදාගෙන සිටින බව හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පිළිගෙන ඇත.

ඊයෙ (16) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හමුදාපතිවරයා මේ බව කියා සිටියේය.

ඔහු සතු විශේෂඥතාවය ප්‍රයෝජනයට ගැනීම සඳහා ඔහුව සක්‍රිය සේවයේ යොදවා ඇති බවත්, මේජර් බුලත්වත්ත කටයුතු කරනු ලබන්නේ තමාගේ ඍජු අධීක්ෂණය යටතේ බවත් හමුදාපතිවරයා මෙහිදී හෙළිකර ඇත.

ඔහු සේවයේ යොදවා ගැනීමෙන් කිසිදු නඩු කටයුත්තට හෝ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාවට තර්ජනයක් නොවන බව ද හමුදාපතිවරයා කියා සිටී.

එසේම එම තීන්දුව සම්බන්ධයෙන් තමා පෞද්ගලිකව වගකියන බව ද හමුදාපතිවරයා සඳහන් කරයි.

ඔහුට එරෙහි චෝදනා වලට පවා වගකිව යුත්තේ ඔහුට අණ දුන් පුද්ගලයන් බව පැවසූ හමුදාපතිවරයා එම අණ ලබා දීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සම්බන්ධ නැති බව ද අවධාරණය කර සිටියේය.

ජඩමාධ්‍ය කැත වැඩ !

බෝර දොලහේ තුවක්කුවට යොදන උණ්ඩ තුනක් අත්අඩංගුවට ගැනීම ඇතැම් මාධ්‍ය වාර්තා කරනු ලැබුවේ ආයුධ ගබඩාවක් අත්අඩංගුවට ගැනීම වැනි අදහසක් මහජනතාව තුළ ජනිත කරමින් බව ද කී ඒ මහතා නැති අනාරක්ෂිත තත්ත්වයක් පෙන්වීමට ඔවුන් වක්‍රව උත්සාහයක යෙදුණු බවට ද ඔහු චෝදනා එල්ල කළේය.

වයඹ සිද්ධිය පිටුපස ප්‍රබල හස්තයක් !

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව වයඹ පළාත ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාවගේ දේපළ හානි කිරීමේ සිදුවීම් පිටුපස ‍ප්‍රබල හස්තයක් ක්‍රියාත්මක වූ බවත් හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සඳහන් කළේය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න