විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීලාට රු : 15000 ක අමතර දීමනාවක් !

විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීලාට රු : 15000 ක අමතර දීමනාවක් !

සියළුම විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ වැන්දඹුවන්ට ගෙවනුලබන දීමනාවට අමතරව තවත් රුපියල් 15000ක දීමනාවක් එකතු කිරීමට අනුමැතිය ඉල්ලා ආණ්ඩු පක්ෂයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසිනි.

කැබිනට් පත්‍රිකාවේ යෝජනා අනුව වසර 5ක සේවා කාලයක් ඇති සියළුම මන්ත්‍රීවරුන් විශ්‍රාම වැටුපක් ලබන අතර එම මන්ත්‍රීවරුන්ට සහ ඔවුන්ගේ වැන්දඹු බිරින්දෑවරුන්ට මෙම දීමනාව හිමිවේ.

1977 අංක 1 දරන පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත අනුව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හිමිවන්නේ දැනට සේවය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ වැටුපෙන් තුනෙන් එකක් හෝ තුනෙන් දෙකක් සහ ජීවන වියදම් දීමනාව පමණි. විශ්‍රාම වැටුප් පනත අනුව විශ්‍රාමික මන්ත්‍රීවරුන්ට දීමනා ගෙවීමට හැකියාවක් නැතත් මීට පෙර මසකට රුපියල් 10,000ක දීමනාවක් ගෙවා ඇත.

විශ්‍රාම වැටුප් පනත අනුව විශ්‍රාමික මන්ත්‍රීවරයකුට හිමිවිය යුත්තේ රුපියල් 18,500ක විශ්‍රාම වැටුපක් හා ජීවන වියදම් දීමනාව පමණි. ඒ අනුව විශ්‍රාමික මන්ත්‍රීවරයකුට හිමිවිය යුතු මුළු විශ්‍රාම වැටුප රුපියල් 25100කි.

විශ්‍රාම වැටුපට රුපියල් 10,000ක දීමනාවක් මෙයට පෙර එකතු කෙරුණු අතර ඒ අනුව විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ මාසික විශ්‍රාම වැටුප 35,100 දක්වා ඉහළ ගියේය. යෝජනා කර තිබෙන රුපියල් 15,000 දීමනාවට කැබිනට් අනුමැතිය ලැබුණොත් විශ්‍රාමික මන්තීවරුන්ගේ විශ්‍රාම වැටුප රුපියල් 50,120 දක්වා වැඩිවනු ඇත.

මේ වන විට විශ්‍රාම වැටුප් ලබන හිටපු මන්ත්‍රීවරුන් හා මන්ත්‍රී වැන්දඹුවන් සංඛ්‍යාව 454 කි. මේ අනුව මෙම රුපියල් පහළොස් දහසේ දීමනාව අනුමත වුවහොත් ඒ විශ්‍රාමික මන්ත්‍රීවරුන්ට මාසිකව රුපියල් හැට අට ලක්‍ෂ දස දහසක මුදලක් අමතරව ගෙවීමට සිදුවනු ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න