මේක සිංහල බෞද්ධ රටක් නෙවෙයි : විජේදාසගේ දෙබිඩ්ඩා එලියට පනියි !

මේක සිංහල බෞද්ධ රටක් නෙවෙයි : විජේදාසගේ දෙබිඩ්ඩා එලියට පනියි !

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂගේ දෙබිඩි දේශපාලන හැසිරීම සදහන් වැදගත් ප්‍රකාශයක් අප වෙත ලැබී තිබේ.

මේ වන විට විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් බව කියමින් අන්ත ජාතිවාදී මතයක් හරහා ජනප්‍රිය වීමට උත්සාහ කළත් අදාල ප්‍රකාශය ඇතුලත් වීඩියෝවේ ඔහු පවසන්නේ "මෙය සිංහල බෞද්ධ රටක් " ලෙස හැදින්වීම වැරදි බවය.

යහපාලන ආණ්ඩුවේ ආරම්භක සමයේ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ බව අවධාරණය කරන්නේ මාධ්‍යවේදියකු අසන ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින්ය.

එහිදී ඔහු දැඩිව අවධාරණය කරන්නේ මාධ්‍යවේදියකු ලෙස අසන ප්‍රශ්නය පවා වැරැදි බවත් එය සමාන වන්නේ රාජපක්ෂලා වපුරන ජාතිවාදී මතය නියෝජනය කරන්නක් ලෙසය.

ඒ අනුව යහපාලන ආණ්ඩුවේ වසර 4 ක් ඉක්මයන්නට ඇති පසුබිමේ මෙරට ජාතික ගීයේ හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ හෝ ශ්‍රී ලංකාව යනු සිංහල බෞද්ධ රටක් ලෙස හැදින්වීමක් නොමැත. පැවති හැදින්වීම සංශෝධනය නොවී හදිසියේ කරන වත්මන් ප්‍රකාශ ජනතාව නොමග යවන මුලුමනින්ම ජාතිවාදී අදහස් හරහා ජනප්‍රිය වීමට ගනුලබන උත්සාහයක් ලෙස හැර මේ තේරුම් ගන්න වෙනත් ක්‍රමයක් අපට නැත.

විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ අදාල ප්‍රකාශය ඇතුලත් වීඩියෝ සාක්ෂිය පහත දැක්වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න