මැදමුලන නඩුව ඉදිරියේ නීතිපති වැනෙයි ?

මැදමුලන නඩුව ඉදිරියේ නීතිපති වැනෙයි ?

වීරකැටිය මැදමූලන ඩී.ඒ .රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් මිලියන 33.9 ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා විභාගයට නොගැනීමට දෙපාර්ශව අතර ඇති වූ එකඟතාවය තවදුරටත් පවත්වා ගෙන යනවාද නැද්ද පිළිබඳ නීතිපති අවසන් තීරණයක් ගෙන නැතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක ඊයේ (17) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

මේ සම්බන්ධයෙන් වන නීතිපතිගේ ස්ථාවරය ලබන අගහරුවාදා (21) අධිකරණයට දැනුම් දෙන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

තමන්ට එරෙහිව නඩුව විභාග කිරීමට කොළඹ ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතාව එම මහාධිකරණය මගින් ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති ප‍්‍රතිශෝධන පෙත්සම කැඳවූ අතර එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මේ බව කියා සිටියේය.

අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවිණි.

මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් විශේෂ මහාධිකරණය හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පැවැත්වෙන නඩු විභාගය ආරම්භ නොකර සිටීම සම්බන්ධයෙන් තමන්ට මෙම අවස්ථාවේදී පොරොන්දුවක් ලබා දීමට නොහැකි බවයි.

ඒ සම්බන්ධයෙන් නීතිපතිගේ ස්ථාවරය මීළඟ දිනයේ දී අධිකරණය හමුවට දන්වන බවද හෙතෙම කියා සිටියේය.

පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පෙත්සමේ සඳහන් කර ඇත්තේ ඞී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට තමන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බවයි.

එම නඩුව විභාග කිරීමට විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කළ ද එම මූලික විරෝධතාව එම මහාධිකරණය මගින් ප‍්‍රතික්ෂේප කළ බව පෙත්සම්කරු කියා සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න