රනිල්ගේ චැප්ටර් ක්ලෝස් කරන්න පැමිණි වැලිගම නගරාධිපතිට විනය ක්‍රියාමාර්ග ගන්න : රෝසි ඉල්ලයි !

රනිල්ගේ චැප්ටර් ක්ලෝස් කරන්න පැමිණි වැලිගම නගරාධිපතිට විනය ක්‍රියාමාර්ග ගන්න : රෝසි ඉල්ලයි !

එක්සත් ජාතික පක්ෂය සදහා නායකත්වයේ වෙනසක් අත්‍යවශ්‍යව ඇති මොහාතක් උදාවෙමින් පවතිනා බවටත් එහෙයින් පක්ෂයේ හා පාක්ෂිකයින්ගේ ජයග්‍රහණය සලකා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත්වන ලෙසත් ඉල්ලා සිටිමින් අගමැති රනිල් වික්‍රමසිංහ වෙත පසුගියදා ලිපියක් යොමුකර තිබු වැලිගම නගර සභාවේ සභාපති රෙහාන් ඩි ජයවික්‍රම ට එරෙහිව වහාම විනය ක්‍රියා මාර්ගයක් ගන්නැයි කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක එජාප මහ ලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

පක්ෂ මහ ලේකම් වෙත ලිපියක් යොමුකරමින් ඇය මේ බව දන්වා ඇත.

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස අතර විරසකයක් ඇති කිරීම වැලිගම නගරාධිපති ජයවික්‍රමගේ ලිපියේ අරමුණ වී ඇතැයි පවසන රෝසි සේනානායක නගරාධිපතිනිය , එක්සත් ජාතික පක්ෂය එක් එක් පවුල්වල උරුමය සඳහා වෙන්වුණු පවුල්වාදී පක්ෂයක් නොවන බවත් සිය ලිපිය මගින් අවධාරණය කර තිබේ.

එජාපය මගින් මැතිවරණයකට ඉදිරිපත් කරන අපේක්ෂකයා හෝ අපේක්ෂකයන් තෝරනු ලබන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියට යටත්ව තේරීම් මණ්ඩලයක් මගින් බවත්, එය කිසිවකුගේ තනි තීරණයක් නොව බවත් පවසන රෝසි සේනානායක මහත්මිය, වැලිගම සභාපතිවරයා ඔහුගේ ලිපිය මගින් එක්සත් ජාතික පක්ෂය භේද භින්න කිරීමටත් පක්ෂය අපහසුවට පත් කිරීමටත් සූක්ෂවම උත්සාහ දරන බවට චෝදනා කරයි.

රෝසි සේනානායක මහත්මිය විසින් එජාප මහ ලේකම් වෙත යොමුකළ ලිපිය පහත දැක්වෙයි.

Akila

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න