ඥානසාර හිමියන්ගේ නම විකුණා ජාතිවාදී කෝලාහලයක සූදානමක් !

ඥානසාර හිමියන්ගේ නම විකුණා ජාතිවාදී කෝලාහලයක සූදානමක් !

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ බුද්ධි අංශයේ නිලධාරීන් කිහිපදෙනා වහාම නිදහස් කරන ලෙස රජයට බලපෑම් කිරීම සඳහා දිවයින පුරා විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කිරීමට අන්තවාදී සංවිධාන කිහිපයක් මේවනවිට සාකච්ජා පවත්වමින් සිටින බවට තොරතුරු වාර්තා වෙයි.

මේ සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේදී බොදු බල සේනා සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කථිකාචාර්ය දිලන්ත විතානගේ ඊට දැඩි ලෙස විරෝධය පළකර ඇති බවත්, ඥානසාර හිමියන්ගේ නම යොදා ගනිමින් ජාතිවාදී කෝලාහලයක් ඇති කිරීම මෙවැනි පුද්ගලයින්ගේ අරමුණ විය හැකි බවට ඔහු සිය සංවිධානයේ ක්‍රියාකාරී හිමිවරුන්ට අනතුරු අඟවා ඇති බවත් වාර්තාවේ.

ඥාණසාර හිමියන්ට ලබාදී ඇති නඩු තීන්දුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා රජයේ නියෝජිතයින් සමග මෙන්ම දේශපාලන පක්ෂ, ආගමික නායකයින් හා සිවිල් සංවිධාන තවදුරටත් දැනුවත් කිරීමේ අවශ්‍යතාවය දිලන්ත විතානගේ මෙහිදී සිය සංවිධානයේ නියෝජිතයින්ට පැහැදිලි කර ඇතැයි ද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සම්බන්ධයෙන් ලබාදී ඇති නඩු තීන්දුවේ දී මුලික කරුණු ගනනාවක් නොසලකා හැර ඇති බව සඳහන් කරමින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බොදු බල සේනා සංවිධානය, වෙසක් පොහොය දිනයේදී උන්වහන්සේ නිදහස් කරන ලෙස ඉල්ලීම් කර තිබිණ.

ජනාධිපති, ඥානසාර හිමි බැහැදැකීමට ගිහින් !

මේ අතර බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ දිලන්ත විතානගේ සමාජ මාධ්‍ය හරහා සටහනක් තබමින් මීට ස්වල්ප මොහොතකට පෙර පවසා ඇත්තේ, ජනාධිපති සිරිසේන අද (18) දිනයේ තම සංවිධානයේ නායක හිමියන් බැහැදැකීමට වැලිකඩ බන්ධනාගාර රෝහලට ගොස් ඇති බවයි.

එම සටහනේ මෙසේ සඳහන් වේ.

''අද දින බන්ධනාගාරයට පැම්ණි ජනාධිපතිවරයා බන්ධනාගාර රෝහලට පැමිණ බොදු බල සේනා නායක පූජ්‍ය රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඤාණසාර හිමිගේ සුවදුක් විමසා තිබෙනවා. විනාඩි 45 පමණ රටේ තත්වය හා උන්වහන්සෙට සිදුවු අසාධාරණය පිළිබඳව මෙම අතිශය පෞද්ගලික සාකච්ඡා වේදී කතාබහ වී ඇති බවට සැක පහල කරනවා.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න