මුස්ලීම්වරුන් ඉලක්ක කළ ප්‍රහාර : පොහොට්ටුවේ වැඩක් !

මුස්ලීම්වරුන් ඉලක්ක කළ ප්‍රහාර : පොහොට්ටුවේ වැඩක් !

නාත්තන්ඩිය ප්‍රදේශයේ පසුගිය 13 වැනිදා මුස්ලිම් ජනතාව ඉල්කක කර එල්ලවූ ප්‍රහාරය නාත්තන්ඩිය හා වෙන්නප්පුව යන ප්‍රා දේශීය සභාවල පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මෙහෙයවා ඇතැයි වාර්තා වේ.

 වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ ප්‍රධානියෙක් සහ නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සිරිසක් මෙම ප්‍රහාර මෙහෙයවා ඇතැයි දැනගන්නට ලැබෙන අතර ඔවුන් එම ප්‍රහාර මෙහෙයවන ආකාරය සී.සී.ටි.වී. දර්ශනවල සටහන් වී ඇතැයි දැනගන්නට ලැබේ.

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ ප්‍රධානියා යතුරුපැති 100 ක පමණ කණ්ඩායමක් මෙම ප්‍රහාරය සඳහා මෙහෙයවා ඇතැයිද ඔවුන් නාත්තන්ඩිය නගරය වටා තිබෙන ගම්මානවලින් පැමිණ ඇතැයි ද වාර්තා‌ වේ.

මෙම පිරිස තුන්මෝදර මුස්ලිම් ගම්මානයට මුලින් ප්‍රහාරයක් එල්ල කර ඇත. ඉන් අනතුරුව කොට්ටාරමුල්ල වැනි ප්‍රදේශවලට එම ප්‍රහාරය ව්‍යාප්ත කර ඇතැයි ද ප්‍රකාශ වේ. මෙහිදී කොට්ටාරමුල්ල ප්‍රහාරයෙන් එක් මුස්ලිම් ජාතිකයකු මියගොස් ඇත.

පසුව මෙම පිරිස බුත්ගම්පොළ මුස්ලිම් ගම්මානයට සහ දංකොටුව නගරයට ප්‍රහාර එල්ල කර ඇත. මෙම පිරිස අතර වෙන්නප්පුව හා නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවල සේවය කරන ඔවුන්ගේ ආධාරකරුවන්ද සිට ඇත.

 මහසෝන් බලකායේ සහයත් අරන් !

 මිනුවන්ගොඩ ප්‍රහාරයට සම්බන්ධ පිරිස් අතර එහි පොදුජන පෙරමුණේ ප්‍රබලයකුගේ ආධාරකරුවන් සිට ඇත. ඊට අමතරව අමිත් වීරසිංහගේ මහසෝන් බලකා සාමාජිකයන්ද පොහොට්ටු සාමාජිකයන් සමග එකතුවී මිනුවන්ගොඩ ප්‍රහාරය මෙහෙයවා ඇත.

නාත්තන්ඩිය ප්‍රහාරයට සම්බන්ධවූවන් පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් බව දැනගන්නට ලැබෙන බැවින් ඔවුන් අත්අඩංගුවට නොගන්නේ ඇයි දැයි මෙම පරීක්ෂණ භාර ඉහළ පොලිස් නිලධාරියෙකුගෙන් කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කළේ, තමන්ටත් එවැනි තොරතුරු ලැබි ඇති බවය.

තව දින දෙක තුනක් යන විට සියලුම සී.සී.ටී.වී දර්ශන තමන් වෙත ලැබෙනු ඇතැයි ප්‍රකාශ කළ එම නිලධාරියා කියා සිටියේ ඒ අනුව අදාළ පුද්ගලයන් ඉදිරි කාලයේදී අත්අඩංගුවට ගන්නට කටයුතු කරන බවය.

මේ අතර ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පුද්ගලයන් 60 කට අධීක පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවට පොලිස් මාධ්‍ය ඒකකයේ නිලධාරියෙක් පැවසීය. එම නිලධාරියා පැවසුවේ ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් හඳුනාගත් පිරිස් අත්අඩංගුවට ගැනීම ඉදිරියටත් කරන බවය.

දැනට අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයන්ගේ සම්පූර්ණ සංඛ්‍යාව තවමත් නිවැරදිව නොදන්නා බවත්, දැනට පොලිස් මාධ්‍ය ඒකකටය ලැබි ඇති තොරතුරු අනුව ඉහත ගණනය ඉදිරිපත් කළ හැකි බවත් ඔහු කීය.

 (අනිද්දා)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න