දයාසිරි වැඩේ ගොඩින් බේරගෙන : නීතිය කැලේ !

දයාසිරි වැඩේ ගොඩින් බේරගෙන : නීතිය කැලේ !

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (18 වැනිදා) කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණ ප්‍රකාශයක් දී ඇත.

ඒ පසුගියදා මුස්ලීම් ප්‍රජාව ඉලක්ක කර මිලේච්ඡ ප්‍රචණ්ඩත්වයක් මුදාහැරීමට කටයුතු කල බවට සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ පාර්ශවයක් නීතියට පරිභාහිරව මුදාගැන්මට මැදිහත්වීම සම්බන්ධවය.

එහිදී අත්අඩංගුවට ගත් පිරිසක් මුදවා ගැනීම සඳහා හෙට්ටිපොල පොලිස්ථානයට යන මන්ත්‍රී දයාසිරි ඔවුන්ව තම ජීප්රියේ නංවාගෙන බිංගිරිය පොලිස් ස්ථානය වෙත ගෙන ගිය බවත් පසුව බිංගිරිය පොලිස් ස්ථානයේදී ඔවුන්ට ඇප ලැබුණු බවත් කියවිණ.

හදීසි නීතිය පනවා තිබූ අවස්ථාවක සිදුකළ මෙම ක්‍රියාව නීති විරෝධී වුවත් මෙතෙක් දයාසිරි මන්ත්‍රීවරයාට එරෙහිව කිසිදු නෛතික ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

ඒ වෙනුවට සිදුව ඇත්තේ දයාසිරි මන්ත්‍රීවරයා පැය 02කට ආසන්න කාලයක් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ රැඳීසිට පිටව යාමය.

රාජපක්ෂ රෙජීම පාලන සමයේ ක්‍රියා නැවත සිදුවෙමින් ඇති බව මේ හරහා තහවුරු වෙයි. ආරක්ෂක අමාත්‍යාංශය මෙන්ම නීතිය හා සාමය අමාත්‍යාංශය තිබෙන්නේ ජනාධිපති සිරිසේන සතුව වන අතර යහපාලනය තුළ අවම වශයෙන් අග්‍රාමාත්‍යවරයා හෝ නීතිය ක්‍රියාත්මක කිරීමට බලපෑමක් කරන බවක් පෙනෙන්නට නැත.

කෙසේ වුවත් පසුගිය 13 වනදා කුලියාපිටිය ප්‍රදේශයේදී සිදුවූ කලබල සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස අනීතික ආකාරයට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මැදිහත් වූ ආකාරය සම්බන්ධ වීඩියෝවක් ට්විටර් සමාජ ජාලය ඔස්සේ ලොව පුරා ප්‍රචාරය වෙයි.

.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න