ප්‍රති ත්‍රස්ත පනත එපා - සජිත්

ප්‍රති ත්‍රස්ත පනත එපා - සජිත්

ප්‍රතිත්‍රස්ත පනත නතර කර එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය නිමා කිරීමට විශාල ශක්තියක් වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පෙර පැවැති තත්ත්වයටත් වඩා ශක්තිමත් කරමින් ක්‍රියාත්මක කළ යුතු යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස පැවැසීය.

අම්පාර දිස්ත්‍රික්කයේ උහන, මහකණ්ඩිය ප්‍රදේශයේ ඉදිකළ “දිගාවැව්පුර” උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා එම කරුණු සඳහන් කළේය.

අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට පෙර රටේ පැවැති සාමකාමී වාතාවරණය හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ පැවැති දරදඬු ප්‍රතිපත්ති ලිහිල් කර එය ප්‍රතිත්‍රස්ත පනතක් ලෙස ගෙ ඒමට ආණ්ඩුව සූදානම් වූ බව ද අමාත්‍යවරයා කීවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීය.

“ පසුගිය 21 වනදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයය හේතුවෙන් වත්මන් රජය මීට පෙර ගෙන ඒමට සුදානම් වූ ප්‍රතිත්‍රස්ත පනත නතර කොට, ඒ වෙනුවට තිස් වසරක එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය නිමා කිරීමට විශාල ශක්තියක් වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පෙර පැවති තත්ත්වයටත් වඩා ශක්තිමත් කරමින් ක්‍රියාත්මක කළ යුතුයි.“

“අප්‍රේල් 21 වැනිදාට පෙර රටේ පැවති සාමකාමී වාතාවරණය හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනනේ පැවති දරදඬු ප්‍රතිපත්ති ලිහිල් කර එය ප්‍රතිත්‍රස්ත පනතක් ලෙස ගෙන ඒමට ආණ්ඩුව සූදානම් වුණා....“

“ප්‍රතිත්‍රස්ත පනත්වලින් රටේ ජාතික ආරක්ෂාව රැක ගැනීමට නොහැකි බවත්, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතිවාසිකම් සුරක්ෂා කිරීම ජාතික න්‍යාය පත්‍රයෙන් මඳක් පහළට ගෙනවිත් ජාතික ආරක්ෂාව ජාතික න්‍යාය පත්‍රයේ අංක එකට ගෙන ඒම යුගයේ අවශ්‍යතාව බවත් කිව යුතුයි. ජාතික ආරක්ෂාව විනාශ කරමින් රකින්නට ප්‍රජාතන්ත්‍රවාදයක් හෝ මානව අයිතිවාසිකමක් නැහැ.“

“අප්‍රේල් 21 වැනිදා ආරම්භ කළ ත්‍රස්ත ප්‍රහාර මාලාව පාලනය කිරීමට ආරක්ෂක අංශවලට සහය ලැබුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ පැවති ප්‍රති නීතිරීති නිසයි. අද අපේ රට ගෝලීය ත්‍රස්තවාදයට මුහුණ දෙන නිසා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත එලෙසම තබා ගන්න ඕනේ. එයට තවදුරටත් දැඩි නීති ඇතුළත් කරමින් ශක්තිමත් කරන්න ඕනේ”. යයිද එජාප නියෝජ්‍ය නායකයා පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න