සහරාන්ගේ කල්මුණේ ප්‍රධානියා ඇතුළු 4 ක් අත්අඩංගුවට !

සහරාන්ගේ කල්මුණේ ප්‍රධානියා ඇතුළු 4 ක් අත්අඩංගුවට !

අම්පාර කල්මුනේ ප්‍රදේශයේ සහරාන්ගේ ප්‍රධාන සංවිධායක වන කල්මුනේ සියාම් ඇතුළු තවත් සැකකරුවන් හතරදෙනෙකු අද(20) රාජ්‍ය බුද්ධි සේවාවේ අම්පාර කාර්යාලයේ නිලධාරීන්  අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි

පාස්කු ඉරිදා බෝම්බ සිද්ධියෙන් පසුව අම්පාර රාජ්‍ය බුද්ධි සේවාව මගින් තොරතුරු රැසක් එකතු කර ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වමින් යන අතරතුර කල්මුනේ සියාම් නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී සහරාන් සමග කටයුතු කළ තවත් හතරදෙනෙකු කල්මුණේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවත් දැනගන්නට ඇත.
 
මෙයට අමතරව පාලමුනේ ප්‍රදේශයේ වළ දමා තිබූ සංයුක්ත තැටි 31 ක් ද සොයා ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇත.
 
සහාරන්ගේ ප්‍රධාන අනුගාමියෙක් වන කල්මුනේ සියාම්, සහාරන්ගේ ආධාරකරුවන්ට නවාතැන් ගැනීමටත් සමන්තුරේ, නින්දවුර් සහ සයින්දමර්දු යන ප්‍රදේශවල නිවාස ලබා ගැනීමටත් සහාරන්ගේ ප්‍රධාන අධාරකරුවෙකු වන නියාස්ට සහය දී  ඇති බව අනාවරණය වී තිබේ.
 
ඉකුත් 26 වෙනි දින සයින්දමර්දු බොලිවියානු සුනාමි ගම්මානයේ බෝම්බ පිපිරීමට පෙර  බෝම්බ  පුපුරුවා ගත් නියාස්, රිල්වාන් ඇතුලු කණ්ඩායම නින්දවුර් නිවසේ සිට මුහුදු බඩ මාර්ගයක් ඔස්සේ සයින්දමර්දු නිවාසයට ගෙන ඒමට සහය දී ඇත්තේද කල්මුනේ සියාම් බවට රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන් තහවුරු කරගෙන තිබේ.

නියාස් ඇතුලු පිරිස වෑන් රථයෙන් ගමන් කරනවිට කල්මුනේ සියාම් විසින් තවත් වාහනයකින් ඉදිරියෙන් ගමන් කර මුහුදු බඩ මාර්ගයේ සිටින නාවික නිලධාරීන් මග හරිමින් සයින්දමර්දු වෙත ගෙනවිත් තිබේ.

සහාරන්ගේ සමීපතම හිතවතෙක් වන කල්මුනේ සියාම්  හම්බන්තොට ප්‍රදේශයේ  පුහුණුවීම් කටයුතුවල නිරත වී ඇති අතර ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙකු බවද තහවුරු කරගෙන ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න