Language Switcher

V2025

බොරු චෝදනාවලට එරෙහිව රිෂාඩ් අධිකරණ ක්‍රියාමාර්ග ගනියි !

ත්‍රස්තවාදී ක්‍රියා සහ අන්තවාදී ක්‍රියා සදහා තමන් සහය ලබාදී ඇති බව කියමින් කෙරෙන චෝදනා සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව අමාත්‍ය රිෂාඞ් බදියුදීන් පවසයි.

ඒ අනුව දේශපාලඥයින් කිහිප දෙනෙකුට දැනටමත් එන්තරවාසි ද යවා ඇති බවත් අමාත්‍යවරයා සදහන් කර තිබේ.

තමන් කිසි විටෙකත් ත‍්‍රස්තවාදයට හෝ අන්තවාදයට සහය නොදක්වන බවද, ඊට එරෙහිව පෙනී සිටින බවද අමාත්‍ය රිෂාඞ් බදියුදීන් පවසයි.