අගමැති රනිල්ට කීනියාවල පාලිත හිමිගෙන් නියත විවරණ !

අගමැති රනිල්ට කීනියාවල පාලිත හිමිගෙන් නියත විවරණ !

මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජනාධිපති වීමෙන් පසු ශ්‍රී ලංකාව එක්සේසත් කිරීමට වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ ට නියත විවරණ දෙන බව පූජ්‍ය කීනියාවල පාලිත හිමි සඳහන් කර ඇත.

ඊයේ (19) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවැති බෝධිපූජා පින්කමකදී අදහස් පල කරමින් කරමින් උන්වහන්සේ මේ බව සදහන් කර ඇත.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මෙරට සිටින ඉතාම දක්ෂ පාලකයෙක් බවත් ලංකාවේ වැඩිපුරම බැනුම් ඇසූ අගමැතිවරයෙක් ද වන ඔහු නොයෙක් අපහාස උපහාස විඳින ලද අගමැතිවරයෙක් ද වන බව උන්වහන්සේ පවසා තිබේ.

 අගමැති රනිල් වික්‍රමසිංහගේ ද අඩුපාඩුකම් දුර්වලකම් කොතෙක් ඇතත් ඒවා අමතක කළ යුතු බවත් කී උන්වහන්සේ නොදන්නා දෙයියන්ට වඩා දන්නා මහසෝනා හොඳ යැයිද සඳහන් කර ඇත.

හිනා නොවුනාට, කතා නොකළාට, ළමයි වඩා නොගත්තාට ඕනෑම ලෝකයේ රාජ්‍ය නායකයෙකුට දුරකථනයෙන් ඇමතිය හැකි නායකයෙක් නිසා තමන් මීළඟ ජනාධිපති වීමට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට ජනාධිපති වීම සදහා නියත විවරණ දෙන බවද උන්වහන්සේ පැවසූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න