රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගයට ඉක්මන් දිනයක් : පරාජය කිරීමටත් සූදානම් - කිරිඇල්ල

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගයට ඉක්මන් දිනයක් : පරාජය කිරීමටත් සූදානම් - කිරිඇල්ල

කර්මාන්ත හා වාණිජ කටයුතු, නැවත පදිංචි කිරිම් හා වෘත්තීය පුහුණු ඇමති රිෂාඩ් බදුර්දීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවේ ප්‍රධානතම කරුණක් වන දිනය වැරදිවුවත් එය න්‍යාය පුස්තකය වෙත ඇතුළත් කිරීමට කතානායක පියවර ගන්නේ නම් විශ්වාභංග විවාදයට ළඟම දිනයක් ලබාදීමට සූදානම් බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පෙරමුණේ ඇමතිවරුන්ට එරෙහි විශ්වාසභංග පරාජය කිරීම රජයට මහලොකු කජ්ජක් නොවන බව පැවසූ කිරිඇල්ල අමාත්‍යවරයා ඒකාබද්ධ විපක්ෂයට දිනය නිවැරදිව සටහන් කර විශ්වාසභංගයක්වත් ඉදිරිපත් කිරිමට නොහැකි තරම් බංකොලොත් වී ඇතැයිද පැවසීය.

විශ්වාසභංගය වැනි වැදගත් ලියැවිල්ලක දිනය නිසි ලෙස ඉදිරිපත් කළ නොහැකි අවස්ථාවක එය ප්‍රතික්ෂේප කිරීම වැදගත් රාජ්‍ය ආයතනයක වගකීම බවද ඇමතිවරයා කීවේය. එහෙත් තමා දුටු විශ්වාසභංග යෝජනාවේ දිනය ලෙස 2018 මැයි 09 ලෙස සඳහන්ව තිබුණේ යැයි ද එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ හැකි වරදක් බවද කිරිඇල්ල අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

විශාල වරදක්වුවද එය න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇතිනම් ළඟම දිනයක් විවාදය සදහා ලබාදීමට සුදානම් බවද ඇමතිවරයා පැවසීය. ඒකාබද්ධ විපක්ෂ නඩයට යළි යනඑන මං නැති වෙන ලෙස රිෂාඩ් බදුර්දීන්ට එරෙහි විශ්වාසභංගය පරාජය කරන බවද ඇමතිවරයා කීවේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න