හැන්සාඩ් නිලධාරීයා දින 90ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට යයි !

හැන්සාඩ් නිලධාරීයා දින 90ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට යයි !

අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුවේ සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියා මාස තුනක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කුරුණෑගල පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායමකට අද (20) ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ලැබී ඇති බව වාර්තා වෙයි.

ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ ත්‍රස්තවාදී කටයුතු සඳහා ආධාර අනුබල දීමේ චෝදනාවට පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුවේ සේවය කළ මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පසුගිය 18 වනදා අත්අඩංගුවට ගෙන තිබිණ.

ඒ අනූව හදිසි නීති රෙගුලාසි යටතේ මහනුවර අලවතුගොඩ මාවතුපොළ අංක 60 දරණ ලිපිනයෙහි පදිංචි මොහොමඩ් නවුෂාඩ් ජලාල්දීන් නමැත්තා එසේ රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ලැබී ඇත.

අත්අඩංගුවට ගෙන සිටින මෙම පාර්ලිමේන්තු නිලධාරියා පාර්ලිමේන්තු සේවයේ යෙදී සිටියදීම ජාතික තව්හීත් ජමාත් ත්‍රස්තවාදී සංවිධානය සමග එහි ප්‍රබල සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

සැකකරු පාර්ලිමේන්තු රැකියාවට යාම සඳහා තාවකාලිකව නවාතැන් ගෙන සිටි රාජගිරියේ නවාතැන්පොළක් සහ අලවතුගොඩ පදිංචි නිවෙස පරීක්ෂාවට ලක් කිරීමේදි තව්හීත් ජමාත් සංවිධානයේ කටයුතු සඳහා සම්බන්ධ ලිපි ලේඛණ රැසක්ද හමුවූ බව පොලිසිය පවසයි.

සැකකරු රැකියාවේ නිරතව සිටියදීම ත්‍රස්ත නායක සහරාන් සමග එක්ව එම සංවිධානය ප්‍රවර්ධනය කිරීමෙහි නිරතව සිට ඇතැයි ද අකුරණ සහ ඒ අවට පෙදෙස් සම්බන්ධීකරණය කිරීමේ කටයුතු අලවතුගොඩ පිහිටි ඔහුගේ නිවසේ සිට මෙහෙයවා ඇතැයිද මේවනවිට අනාවරණය වී තිබේ.

මෙම ත්‍රස්තවාදී සංවිධානය සම්බන්ධයෙන් මෙතෙක් හෙළිනොවූ වැදගත් තොරතුරු රැසක්ම ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදි ඉදිරියේදී අනාවරණය කරගත හැකිවනු ඇති බවද ආරක්ෂක අංශ විශ්වාස කරයි.ප්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න