බය නැතුව දරුවන් පාසල් එවන්න : හමුදාපති දන්වයි

බය නැතුව දරුවන් පාසල් එවන්න : හමුදාපති දන්වයි

ආරක්ෂාව තහවුරු කර ඇති හෙයින් අනියත බියකින් තොරව හෙට දිනයේ සිට තම දරුවන් පාසල් වෙත යොමුකරන ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානයක දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.

හමුදාපතිවරයා මේ බව සදහන් කර සිටියේ විශේෂ ප්‍රකාශයක් නිකුත්කරමින්ය.

එම ප්‍රකාශයේ වැඩිදුරටත් මෙසේද සදහන් කර ඇත.

“අවාසනාවන්ත ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් සමාජයේ ඇතිවූ කම්පනය හා බිය නිසා ශ්‍රී ලාංකිකයන්ගේ ජන ජීවිතයේ බොහෝ කටයුතු අඩාල වුණා. එම ප්‍රහාරයෙන් පසුව රජයේ හා පෞද්ගලික අංශ සේවකයන් සේවයට පැමිණීමේ අඩුවක් සිදුවණා. රට තුළ ආරක්ෂාව තහවුරු කර ජන ජීවිතය යථා තත්ත්තවයට පත්කිරීමට ත්‍රිවිධ හමුදාව හා පොලීසිය දැඩි කැපවීමකින් අවශ්‍ය ලෙස ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන ලදී.

යුද්ධ හමුදාව ත්‍රස්තයන් විනාශ කිරිමට හා ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනිමට කරන මෙහෙයුම්වලට සිය උපරිම දායකත්වය ලබාදෙමින් සිටියි. ත්‍රස්තවාදීන් ඉල්ක්ක කර ගත් ආරක්ෂක හමුදා මෙහෙයුම් හා යොදා ඇති ආරක්ෂක විධිවිධාන හේතුවෙන් රජයේ හා පෞද්ගලික අංශ සේවකයන් සේවයට පැමිණීම හා සාමාන්‍ය ජන ජීවිතයේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑම ඉතා සතුටුදායක තත්ත්වයට වර්ධනය වී ඇත.

මේ වසරේ දෙවැනි වාරය සඳහා පාසල් විවෘත කළ මොහොතේ පාසල්වල ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබුණද පැතිර ගිය කටකතා හා තහවුරු කර නොගත් තොරතුරු හේතුවෙන් ආදරණීය දූ දරුවන් පාසල්වලට පැමිණිමට මැලිකමක් දක්වන ලදී.

මා මේ අවස්ථාවේදි සියලුම දෙමාපියන්ගෙන් වෙත මතක් කර සිටිනුයේ සියලුම පාසල් සඳහා ආරක්ෂාව සපයමින් ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ප්‍රමුඛතම කාර්යක් ලෙස සළකා ආරක්ෂාව තහවුරු කිරිමට පියවර ගෙන ඇති නිසා අනියත බියකින් තොරව දරුවන් පාසල් වෙත යැවීමට කටයුතු කරන්න”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න