ජනවරම අවසන් වන තුරු ආණ්ඩුව තියනවා - ඇමති පාඨලී

ජනවරම අවසන් වන තුරු ආණ්ඩුව තියනවා - ඇමති පාඨලී

වත්මන් ආණ්ඩුවට ජනතා වරමක් ඇති බවත් එම ජනවරම අවසන් වන තෙක් ආණ්ඩුව ක්‍රියාත්මක වෙනු ඇති බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානාහිමියන් බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසීමෙන් අනතුරුව පැමිණි සිටි මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"අපිට ජනතාව ජනවරමක් දී තිබෙනවා. ඒ ජනවරම ඉවර වෙනකං අපි ඉන්නවා. අපි කිසිම අවස්ථාවක අපට 2015 ජනාධිපතිවරණයේදී හෝ මහමැතිවරණයේදී ඡන්දය දුන් ජනතාවට නිගා කරන්න අපි ලැහැස්ති නැහැ. නමුත් මේ අවස්ථාව අපි දකිනවා විශේෂ අවස්ථාවක් ලෙස. පක්ෂ භේදයෙන් තොරව සියළු දෙනාම මේ ත‍්‍රස්තවාදය පරාජය කිරීම, ඒ වගේම රටේ සාමය දිනා ගැනීම කියන කටයුතුවලට මැදිහත් වෙන්න ඕනේ කියලා අපි කල්පනා කරනවා.

ඊළඟට ජනාධිපති මැතිවරණය එනවා නොවැම්බර් මාසයේදී. ඔක්තෝම්බර් මාසයේදී ජනාධිපතිවරණය ප‍්‍රකාශ කරයි. එදාට ජනතාවට අවස්ථාවක් ලැබෙයි. එතකං මේ ආණ්ඩුව පෙරළන්න, වෙනස් කරන්න කලබල වෙන්න ඕනේ නැහැ. එක එක්කෙනා රාවයන් පතුරුවනවා.

හැබැයි අපි එකක් කියන්න ඕනේ, මේ රටේ නිපුණතාවයට, කුසලතාවයට මුල්තැන දෙන රටක්, ජාතික ආරක්‍ෂාව සුරකින රටක් අපි හදන්න ඕනේ. පවුල්වාදයෙන් තොරව, පවුල්වලින් එන පුද්ගලයෝ, ඒ වගේම සුදුසුකම් නැති ගජමිතුරෝ වෙනුවට කුසලතාවය, නිපුණතාවය තිබෙන පිරිස් රාජ්‍ය පාලනය කරන්න සුදුසු කාලය දැන් එළඹිලා තියෙනවා කියන එක කියන්න ඕනේ.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න