වින්දිතයන්ට වගවීමේ ක්‍රියාවලිය අර්ථවත්ව ක්‍රියාවට නංවන්න - කැනඩා අගමැති

වින්දිතයන්ට වගවීමේ ක්‍රියාවලිය අර්ථවත්ව ක්‍රියාවට නංවන්න - කැනඩා අගමැති

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තරයට ලබාදුන් පොරොන්දු ඉටු කරමින් යුද්ධයේ දී පීඩාවට පත්වුවන් වෙනුවෙන් වගවීමේ ක්‍රියාවලිය අර්ථවත්ව ක්‍රියාවට නැංවිය යුතු බව කැනේඩියානු අග්‍රාමාත්‍ය ජෙස්ටින් ටෘඩෝ ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ 30 වසරක් පුරා පැවති යුද්ධය අවසන් කර එහි 10 වන සැමරුම වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් දක්වා ඇත.

කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ වසර 30කට ආසන්න කාලයක් පැවති යුද්ධයෙන් දහස් ගණනක් ජනතාව මියගිය අතර තවත් දහස් ගණනක් ජනතාව තුවාල ලබා ඇති බවයි.

පසුගිය දශකය පුරාවටම තමන් යුද්ධයෙන් පීඩාවට පත් බොහෝ දෙමළ කැනේඩියානුවන් මුණ ගැසී ඇති බව සඳහන් කරන කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා ඔවුන් දිගුකාලීන සාමය සහ සංහිදියාව අපේක්ෂා කරන බව ප්‍රකාශ කර තිබේ.

මෙහිදී ඔහු කැනඩා රජය වෙනුවෙන් ද්‍රවිඩ ජාතිකයින්ට සිය කණගාටුවද ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න