රාජ්‍ය සේවක රු. 2500/- ක මාසික අන්තර් දීමනාව : ජූලි මස 01 සිට ක්‍රියාත්මකයි !

රාජ්‍ය සේවක රු. 2500/- ක මාසික අන්තර් දීමනාව : ජූලි මස 01 සිට ක්‍රියාත්මකයි !

මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ඉදිරිපත් කරන ලද 2019 අයවැය මගින් යෝජිත පරිදි රු. 2500/- ක මාසික අන්තර් දීමනාව ජූලි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සියලු රාජ්‍ය සේවකයන් හට ගෙවනු ලබන බව මුදල් අමාත්‍යාංශය සදහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය මේ බව සදහන් කරන අතර ඒ සඳහා වන චක්‍රලේඛය මහා භාණ්ඩාගාරයේ එකඟතාවය ඇතිව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත දැනටමත් නිකුත් කර තිබෙන බවත් එහි සදහන් කර ඇත.

අන්තර් දීමනාව වශයෙන් රු. 2500/- ක් ජූලි 01 සිට ගෙවනු ලැබූවද රාජ්‍ය සේවකයන් හට මාසිකව ගෙවනු ලබන රු. 7800/- ජීවන වියදම් දීමනා ගෙවීමද තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න