හදිසි විදුලි මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය !

හදිසි විදුලි මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය !

විදුලිබල ක්ෂේත‍්‍රයේ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වයට විසඳුමක් ලෙස හදිසි විදුලි මිලදී ගැනීම් ලෙස ලබන වසරේ මැයි මාසය දක්වා බලාගාර දෙකකින් විදුලිය මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙයි.

වර්තමානයේ ඇතිවී තිබෙන විදුලිබල අර්බුදය විසඳීම සඳහා ගත යුතු කෙටි, මධ්‍ය හා දිගු කාලීන ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් පත්කර ඇති අමාත්‍ය කමිටුව මගින් නිර්දේශ කර ඇති පරිදි මෙම විදුලිය මිලදී ගැනීමට නියමිතය.

බලාගාර දෙකකින් විදුලිය මිලදී ගැනීමට එම කමිටුව නිර්දේශ කර ඇති අතර මේ සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව කෙරවලපිටියේ ස්ථාපිත කර ඇති බත්තල මත ඉදි කරන ලද මෙගාවොට් 200ක බලාගාරය මඟින් ලබන ජුනි මාසයේ සිට ඉදිරි මාස 6ක කාලයක් සඳහා විදුලි ඒකකයක් රුපියල් 26යි ශත 20 බැගිනුත්, ගාල්ලේ ස්ථාපිත කර ඇති බත්තල මත ඉදිකරන ලද මෙගාවොට් 200 ක බලාගාරය මගින් ලබන සැප්තැම්බර් මාසයේ සිට ඉදිරි මාස 9 ක කාල සීමාවක් සදහා විදුලි ඒකකයක් රුපියල් 26 යි ශත 20 බැගිනුත් මිලදී ගැනීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න