ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂව එක වචනයෙන් පරාජය කිරීමට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හැකි බව ගෝඨාභය පාර්ශවය සඳහන් කරයි.
ගෝඨාභය රාජපක්ෂ පසුගියදා ඇමරිකාවේ සිට පැමිණෙන විට සුභ පැතුම් පුවරුවක් ඔසවා "අත්දෙක මගේ" යනුවෙන් සඳහන් කළ මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මේ බව ප්‍රසිද්ධියේ සඳහන් කර ඇත.
දෙරණ සහ හිරු නාලිකා කැඳවා පැවැත්වූ මාධ්‍ය හමුවක ඔහු මේ බව සඳහන් කළ අතර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මේ මොහොතේ ජනාධිපති සමාව දිය යුතු නැති බවත් ඔහු සඳහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපති සමාව යටතේ ඥානසාර හිමියන් නිදහස් කිරීමට අවශ්‍යනම් එළඹෙන ජනාධිපතිවරණයෙන් පසුව එය සිදු කළ හැකි බවයි.
මේ මොහොතේ ඥානසාර හිමියන් නිදහස් කිරීමෙන් සිදුවන්නේ ඉදිරි ජනාධිපතිවරනයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද පදනම දියාරු කිරීම බවද ඔහු සඳහන් කළේය.

