රිෂාඩ්ගේ වාර්තාව සති 2න් දෙන්න : අගමැති ඉල්ලයි !

රිෂාඩ්ගේ වාර්තාව සති 2න් දෙන්න : අගමැති ඉල්ලයි !

පාස්කු ඉරුදින ඇතිවූ සිද්ධිය සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ තේරිම් කාරක සභාවේ පළමු වාර්තාව සති 2 ක් තුළ දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතානායක කරු ජයසූරිය වෙතින් අද (23) ඉල්ලීමක් කළේය.
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම ඉල්ලීම කළේ අදාළ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව පත් කිරීමත් සමඟය. 

කර්මාන්ත හා වාණිජ කටයුතු, සදාකාලික අවතැන්වූවන් නැවත පදිංචි කිරිමේ, සමූපකාර හා වෘත්තීය පුහුණු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට මෙන්ම එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග 2 ක් ඉදිරිපත්ව ඇති බැවින් තේරීම් කාරක සභාවේ අතුරු වාර්තාව සති 2 ක් තුළ දිය යුතු බව අග්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීමේ සඳහන්ය.
 
රජයට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත් කළ විට ඊට ප්‍රමුඛත්වය දීම පාර්ලිමේන්තු සම්ප්‍රදාය බැවින් තේරීම් කාරක සභා වාර්තාව ඉක්මණින් ලැබිය යුතු බව රජයේ ස්ථාවරය වී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න