වසර 20 කට පසුව : ත්‍රිවිධ හමුදාවේ දීමනා ඉහළට !

වසර 20 කට පසුව : ත්‍රිවිධ හමුදාවේ දීමනා ඉහළට !

ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් හා සෙසු නිලයන් වෙත ගෙවනු ලබන දීමනා වැඩිකරන බවට මුදල් අමාත්‍ය මංගල සමරවීර අයවැය 2019 යෝජනාවේදී පොරොන්දුවූ ආකාරයට ත්‍රිවිධ හමුදා අයවලුන්ගේ වැටුපට අමතරව නිලධාරීන් සඳහා ගෙවනු ලබන මාසික සලාක දීමනාව 2019 ජනවාරියේ සිට ක්‍රියාත්මක වන පරිදි  රු. 23,231 දක්වාද, සෙසු නිලයන්ගේ මාසික සලාක දීමනාව රු. 19,350 දක්වාද වැඩිකර ඇත.

මෙම සලාකයට ඇතුළත් ආහාර ද්‍රව්‍ය ලේඛණය ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වෙත ලබාදීමෙන් පසුව කරන ලද ගණනය කිරීමෙන් අනතුරුව මෙම දීමනා වැඩිකිරීම සඳහා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය පසුගිය සතියේදී ලබාදෙන ලදී.

මේ අතර ත්‍රිවිධ හමුදාවට ගෙවනු ලබන පහත සඳහන් දීමනා 2019 ජූලි 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කරනු ලැබේ. ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ගෙවනු ලබන ගෙවල් කුලී දීමනාව දෙගුණ කෙරේ. තවද, ශ්‍රී ලංකා නාවුක හා ගුවන් හමුදාවල සමාන නිලධාරීන්ද ඇතුළත් කොමාන්ඩෝ දීමනාව මසකට රු. 1000 සිට රු. 5000 දක්වා වැඩිකරනු ලැබේ.

මංගල සමරවීර අමාත්‍යවරයා විසින් අයවැයෙන් යෝජිත පරිදි ත්‍රිවිධ හමුදාවේ සියළු නිලයන් සඳහා ගෙවනු ලබන දෛනික යහපැවැත්ම දීමනාව සහ නිල ඇඳුම් දීමනාව ද 2019 ජූලි 01 දින සිට වැඩි කිරීමට මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ඇතුළත් අංක 02/2019 චක්‍රලේඛය 2019 මැයි මස 21 වන දින නිකුත් කරන ලදී.

මෙම දීමනා වල බොහොමයක් පසුගිය වසර 20 ක කාලයක් තිස්සේ කිසිදු වැඩිවීමක් කර නොමැත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න