සිවිල් සංවිධාන : අගමැති සහ කතානායක හමුවෙයි !

සිවිල් සංවිධාන : අගමැති සහ කතානායක හමුවෙයි !

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ තේරීම් කාරක සභාවේ ඉදිරි කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් සොයා බැලිම සදහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ කතානායක කරූ ජයසූරිය මුණ ගැසීමට කටයුතු කරන බව සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව සදහන් කරයි.


සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුවේ සම කැදවුම්කරු සමන් රත්නප‍්‍රිය සදහන් කලේ මේ සතිය තුළ අගමැතිවරයා සහ කතානායකවරයා මුණගැසී තේරීම් කාරක සභාවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.

සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව රාජගිරිය පිහිටි පිහිටි සාධාරණ සමාජයක් සදහා වු ජාතික ව්‍යාපාරයේ කාර්යාලයේ අද (9) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් වන තොරතුරු හෙලි වෙමින් තිබියදී ඇතැම් පිරිස් එයට එරෙහිවීම පිළිබද සිවිල් සංවිදාන නියෝජිතයන් ලෙස තමන් කණගාටු වෙන බවත් ඒ මහතා එහිදී කියා සිටියේය.

එමෙන්ම මෙම තේරීම් කාරක සභාව සඳහා සහාය ලබා දෙන ලෙසට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුලූ පිරිසගෙන් ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න