ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් හා ශක්තිමත් කරලීම සම්බන්ධව සාකච්ඡාවක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර අද (9) පැවැත්විණි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැය කිහිපයකට පමණක් ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි හෙයින් කාලය ඉතිරි කරගැනීම සඳහා මෙම සාකච්ජා පැවැත්වුනේ කටුනායක ගුවන් තොටුපොළේ සිට කොළඹ දක්වා ගමන් කරන අතරතුරදී වීම විශේෂත්වයකි.
දෙරට අතර අනාගත ආර්ථික අවකාශයන් නිර්මාණය කිරීම පිළිබඳවද අගමැති නරේන්ද්‍ර මෝදි සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අතර දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැනුණු බවත් වාර්තා වෙයි.
දෙරටේ ද්විපාර්ශවික සබඳතාවන්හි වත්මන් ප්‍රගතිය පිළිබඳවත්, ඉදිරි සැලසුම් පිළිබඳවත් දෙරටේ අග්‍රාමාත්‍යවරුන්ගේ අවධානය යොමු විය.
ගෝලීය ත්‍රස්තවාදය හා ප්‍රතිත්‍රස්ත කාර්යයන් සම්බන්ධයෙන් ගත යුතු සාමූහික ක්‍රියා මාර්ග පිළිබඳවද මේ සාකච්ඡාවන් හි දී අවධාරණය කෙරුණු බවත් දැනගන්නට ඇත.

