ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බවත්, වෙනත් සාකච්ඡාවක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා පවසයි.
සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මෙම අදහස් පළකලේ ඇඹිලිපිටියේ ඊයේ (09) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මහින්ද රාජපක්ෂ වැනි ජනතාවාදී නායකත්වයක් සහිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ශක්තිමත් අපේක්ෂකයෙකු මෙන්ම ශක්තිමත් වැඩ පිළිවෙලක් ද ඇති බව ඔහු එහිදී අවධාරණය කළේය.
ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සඳහාත් ඉදිරි මහ මැතිවරණයට පොදු සන්ධානයක් යටතේ තරඟ කිරීම සඳහාත් ශ්‍රීලනිපය හා පොහොට්ටුව අතර මේවනවිටත් සාකච්ජා පැවැත්වෙමින් තිබේ. එසේ තිබියදී මන්ත්‍රීවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ශ්‍රීලනිප මහ ලේකම්වරයාව මෙම මාධ්‍ය හමුවේදී දැඩිව විවේචනය කළේය.
සැත්කම සාර්ථකයි !
මේ අතර ගෝඨාභය රාජපක්ෂ ට සමීප ආරංචි මාර්ග සදහන් කරන්නේ සිංගප්පූරුවේදී සිදුකළ සැත්කම සාර්ථක බවත් දින කිහිපයකට පසුව ඔහුට සුපුරුදු කටයුතු වල නිරත වීමේ හැකියාව තිබෙන බවත්ය.

