පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අඛණ්ඩව !

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අඛණ්ඩව !

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයාබලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යෑමට එම කාරක සභාව තීරණය කර තිබේ.

තේරීම් කාරක සභාව පැවැත්වූ දින කිහිපය තුළ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මෙන්ම ඒ සම්බන්ධයෙන් වගකීම් පැහැරහැර ඇති පුද්ගලයන් පිළිබඳ වැදගත් කරුණු රැසක් අනාවරණය වීමත් සමග එය දිගටම පවත්වාගෙන යෑමේ තීරණය තේරීම් කාරක සභාව ගෙන ඇත.

මෙම තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දීමට පැමිණෙන ඕනෑම සාක්ෂිකරුවෙකු "සිය සාක්ෂිය හරහා ජාතික ආරක්ෂාවට අගතියක් වෙනවා" යැයි පැවසුවහොත්, එම ස්ථානයෙන් මාධ්‍ය ඉවත් කර සාක්ෂිය ලබාගැනීමට තේරීම් කාරක සභාව ආරම්භයේදීම තීරණය කර තිබූ අතර එය නැවතත් තහවුරු කර තිබේ.

සිය සාක්ෂිය මගින් කිසියම් පුද්ගලයෙකුගේ වැරදි ආරක්ෂා කිරීමට නොව සැබැවින්ම ජාතික ආරක්ෂාවට අගතියක් වන්නේදැයි යන කාරණය සලකා බලා තේරීම් කාරක සභාවට ඒ ගැන සෑහීමකට පත්වේ නම්, එලෙස මාධ්‍ය එම ස්ථානයේ ඉවත් කිරීමට හැකියාව ලැබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයාබලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට (11දා) දින යළි රැස්වීමට නියමිත අතර, එදින සාක්ෂි විමසීම සඳහා කාත්තන්තුඩි මුස්ලිම් දේවස්ථානවල සභාපතිවරයා, බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාත් සාලි, සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ සභාපතිවරයා කැඳවා තිබේ.

මෙම පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට ඕනෑම පුද්ගලයෙකු කැඳවීමට සහ ඕනෑම ලේඛන වාර්තා ඉදිරිපත් කරන ලෙස නියෝග කිරීමට බලය ලැබී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න