ජනාධිපතිවත් විකුණගෙන : ආරියවතී වැලි නිධියට බැල්ම හෙළයි !

ජනාධිපතිවත් විකුණගෙන : ආරියවතී වැලි නිධියට බැල්ම හෙළයි !

කන්තලේ සූරියපුර අල්ල පාලම අසල ඇති වැලි නිධියක් ඉවත් කිරීම සඳහා ප්‍රදේශයේ ගොවි සමිතියකට තිබූ අවස්ථාව ත්‍රිකුණාමල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සංවිධායිකා ආරියවතී ගලප්පත්ති ට සමීප සමාගමක් හරහා අත්පත්කර ගැනීමේ සූදානමක් පිළිබඳ ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

එකී චෝදනාව ඇතුළත් දුක්ගැනවිල්ලක් සහිත විස්තරයක් ප්‍රදේශවාසීන් සහ ගොවි සංවිධාන එකතුව සකස්කර අප වෙත එවා ඇති අතර එහි මෙසේ සඳහන් වෙයි.

කන්තලේ සූරියපුර අල්ල පාලම අසල ඇති වැලි නිධියක් නිසා ඊට ඉදිරිපස පිහිටි ගං වතුර ආරක්ෂණ බැම්ම බිදී යාමේ අවධානමක් පවතින අතර මේ පිළිබඳව එම ප්‍රදේශයේ ගොවි සංවිධානය විසින් විටින් විට ජනාධිපතිද ඇතුළුව විවිධ බලධාරීන් දැනුවත් කර තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස එකී වැලි ඉවත් කිරීමේ සහ ගං වතුර ආරක්ෂණ බැම්ම කළුගල් යොදා අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතියක් භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේම උප සමාගමක් වන තාක්ෂණික සේවා ආයතනයට පවරා ඇත.

මෙම වැලි නිධිය වනජීවී රක්ෂිතයක් තුල පිහිට ඇති බැවින් වන ජීවී දෙපාර්තමේන්තු කොන්දේසි ප්‍රකාරව එහි වැලි ඉවත් කිරීම රජයේ ආයතනයක් මගින් ඍජුවම සිදිකල යුතුය. එවන් තත්වයක් යටතේ ඉහත කාර්යය සඳහා ඉහත කී තාක්ෂණික සේවා ආයතනය එම ප්‍රදේශයේ පිහිටි සූරියපුර හීන්ගඟ ජනරංජන ගොවි සමිතිය හරහා සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබී ඇත.

එසේ තිබියදී කිසිඳු අදාළතාවයකින් තොරව එම ආයතනයට පැමිණි ත්‍රිකුණාමල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සංවිධායිකා ආරියවතී ගලප්පත්ති නම් තැනැත්තිය අදාල තාක්ෂණික සේවා ආයතනය තුල යකා නටා ඉහත කී කොන්ත්‍රාත්තුව මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ ආශීර්වාදය මත තමාගේ ආයතනයක් හරහා සිදුකල යුතු බවටත් ඉන් කොටසක් ජනාධිපතිවරයාට යන බවත් එසේ ලබා නොදුනහොත් හොඳ වැඩක් කරන බවටත් ගොවි සමිතියේ නිලධාරීන් හට බැනවැදී ඇත.

අදාල ගොවි සමිතිය ඉහත කොන්ත්‍රාත්තුවෙන් එන මුදල් මගින් අදාල ප්‍රදේශය සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව දන්වා සිටියත් එකී ප්‍රදේශයට කිලෝමීටර් පනහක් පමණ එපිටින් සිටින මෙම හිටපු මන්ත්‍රීවරිය එම කොන්ත්‍රාත්තුව තමාටම අවශ්‍ය බව පවසමින් යකා නටා ගොස් ඇති අතර ඉහත කී ආයතනයට රජයේ බලධාරීන් හරහා දුරකථන ඇමතුම් ලබා දෙමින් මෙය ජනාධිපති වරයාගේ වැඩක් බවත් එනිසා කොන්තරාත්තුව ගලප්පත්ති හට ලබා දෙන ලෙසට ඇය බලපෑම් කර ඇත.

තවද භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ (GSMB) තාක්ෂණික සේවයේ නියුතු තරිඳු නමැති අයට මෙකී පාර්ශවය විසින් ඉතා විශාල මුදලක් ලබා දෙන බවට පොරොන්දු වී ඇති බවත් එබැවින් ඔහු විසින් සියලු ආයතනික ක්‍රියා පටිපාටි නොසලකා ආරියවතී ගලප්පත්තිගේ යෝජනාව ක්‍රියාත්මක කිරීමේ සූදානමක් පවතී.

ත්‍රිකුණාමලය ශ්‍රීලනිප දිස්ත්‍රික් සංවිධායකවරියගේ මෙකී ක්‍රියාකලාපය නිසා අදාල ඉදිකිරීම් ඊලග වැසි කාලයට පෙර සිදු කිරීමට නොහැකි වුවහොත් ගංවතුර ආරක්ෂණ බැම්ම බිදී ගොස් ගෙවල් දහස් ගණනක් මෙන්ම ඉඩම් අක්කර දහස් ගණනක් විනාශ වීමේ අවධානම පවතින අතර එසේ වුවහොත් ඒවායේ වගකීම රටේ ජනාධිපතිවරයා සහ ආරියවතී ගලප්පත්ති විසින් දැරිය යුතුව ඇති බව ගොවි සංවිධාන සහ ප්‍රදේශවාසීන්ගේ අදහස වී තිබේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න