කකුල් කැඩුණු අශ්වයෙක් පොහොට්ටු අපේක්ෂකත්වයට බැල්ම දාගෙන - ප්‍රසන්න

කකුල් කැඩුණු අශ්වයෙක් පොහොට්ටු අපේක්ෂකත්වයට බැල්ම දාගෙන - ප්‍රසන්න

ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී කකුල් කැඩුණු අශ්වයකු ඉදිරිපත් කර පරාජයට පත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කරයි.

පොහොට්ටුවෙන් ඉදිරිපත්වීමට කකුල් කැඩුණු අශ්වයන් බලාගෙන සිටින නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදයෙන් ඉදිරිපත් කරනුයේ පොහොට්ටුවේම අපේක්ෂකයකු පමණක් බවත් රණතුංග මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියි.

ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිනුවන්ගොඩ ආසන බල මණ්ඩල රැස්වීමට උඩුගම්පොළ දී එක්වෙමිනි.

මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

අපට දැනගන්න ලැබිලා තියෙනවා ජනාධිපතිවරණය කල්දාගන්න සමහරු උත්සහ කරනවා කියලා. හැබැයි කාටවත් ජනාධිපතිවරණය කල්දාන්න අපි ඉඩ තියන්නේ නැහැ. එහෙම කළොත් රටේම ජනතාව පාරට බස්සලා දැවැන්ත අරගලයක් කරන්න අපි සූදානම්. ජනාධිපතිවරණය පමණයි ජනතාවට ඉතුරු වෙලා තියෙන බලාපොරොත්තුව.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න