ආණ්ඩුවෙන් ඉවත්වූ මුස්ලිම් අමාත්‍යවරුන්ගේ තනතුරු සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත්කිරීමට රජය කටයුතු කර තිබේ.
ඒ අනුව ,
නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන - වැඩබලන නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන වැඩබලන අමාත්‍යවරයා,

කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා - කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා,

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය - මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන වැඩබලන අමාත්‍යවරිය

මොවුන් අද (10) පෙරවරුවේ ජනාධිපති ඉදිරියේ වැඩබලන අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දී ඇත.

