ආණ්ඩුවෙන් ඉවත්වූ මුස්ලිම් අමාත්‍යවරුන්ගේ තනතුරු සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත්කිරීමට රජය කටයුතු කර තිබේ.
ඒ අනුව ,
නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන - වැඩබලන නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන වැඩබලන අමාත්‍යවරයා,

කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා - කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා,

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය - මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන වැඩබලන අමාත්‍යවරිය

මොවුන් අද (10) පෙරවරුවේ ජනාධිපති ඉදිරියේ වැඩබලන අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
