රට පාලනය කිරීම හැර අනිත් සේරම කරන කෙනා ගැන ජවිපෙන් චෝදනා !

රට පාලනය කිරීම හැර අනිත් සේරම කරන කෙනා ගැන ජවිපෙන් චෝදනා !

ජනාධිපතිවරයා රට පාලනය කිරීම හැර අනෙකුත් සියලුම දේවල් කරන බවත්, මේ නිසා රට අරාජික තත්ත්වයට පත්ව තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව සදහන් කර සිටි අතර ඒ අද (10) පැලවත්ත පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.

රට පාලන කිරීමේ ප්‍රධාන දේවල් වන්නේ ජාතික ආරක්ෂාව ඇතුළුව රටට ජනතාවට අවශ්‍ය දේවල් සිදුකිරීම බවත්, එහෙත් ජනාධිපතිගේ අලුත්ම කාර්ය වනුයේ වඩුමඩු තහනම් කිරීම බවත් ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කළේය.

ගෙවී ගිය වසර හතරක කාලය පුරා ජනාධිපති හා අගමැතිවරයා වෙන වෙනම ගමනක් ගිය බවත්, මේ නිසා ආණ්ඩුව ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වූවා සේම ජනතාව ආණ්ඩුවෙන් බලාපොරොත්තු වූ දේවල්වත් ලබාදීමට නොහැකි වූ බවද ඔහු පැවසීය.

මේ නිසා වහාම ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවත්, එසේ නොමැති වුවහොත් ආණ්ඩුවට විරුද්ධව ගෙනැවිත් තිබෙනා විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කර ආණ්ඩුව පළවාහරින බවත් ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න