පොහොට්ටුවෙන් සහ ශ්‍රිලනියෙන් එක් අපේක්ෂකයකු පමණයි - ඩිලාන්

පොහොට්ටුවෙන් සහ ශ්‍රිලනියෙන් එක් අපේක්ෂකයකු පමණයි - ඩිලාන්

කුමන වාද විවාද පැවතියද ජනාධිපතිවරණය හෝ මහමැතිවරණයක් වේවා ඕන මැතිවරණයක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ටු පාර්ශව එක ලයිස්තුවක් හරහා මැතිවරණයට ඉදිරිපත් වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලයිස්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළ අතර එහිදී මැතිවරණය සඳහා ඉදිරිපත් වන ලකුණ අදාල නොවන බවත් එය බුලත් කොළය, පොහොට්ටුව හෝ අරලිය මල වැනි ඕනෑම එකක් විය හැකි බවත් ඔහු පවසයි.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධව එක් මතයක් ඇති අතර පොහොට්ටු පාර්ශවයට තවත් මතයක් ඇති බවත් ඔහු පැවසීය.

ඒ කවුරු කුමන මතය දැරුවත් ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කිරීමට නියමිත වන්නේ දෙපාර්ශවයේ එකඟතාව ඇති එක් අපේක්ෂකයකු බවත් ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න