තේරීම් කාරක සභාවට නොඑන නිලධාරීන් ගස් : වැළැක්වූවොත් මෛත්‍රීත් ගස් !

තේරීම් කාරක සභාවට නොඑන නිලධාරීන් ගස් : වැළැක්වූවොත් මෛත්‍රීත් ගස් !

පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේ සාක්ෂි දීම වැලක්වීමට ජනාධිපතිතුමා පියවර ගන්න බව මාධ්‍ය වාර්තා කර ඇති නමුත් පාර්ලිමේන්තු වරප්‍රසාද පනත අනුව ඕනෑම පුද්ගලයකුට සාක්ෂි දීම සදහා හෝ ලේඛන ඉදිරිපත් කිරීම සඳහා සිතාසි මත කාරක සභාව වෙත ගෙන්විය හැකි බව නීති ක්ශේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙයි.

පාර්ලිමේන්තු වරප්‍රසාද පනතේ 10 වගන්තියේ ඒ බව පැහැදිලිව දක්වා ඇති බවත් නීති ප්‍රවීණයන් අවධාරණය කරයි.

එලෙස සිතාසි මත ලේඛන ඉදිරිපත් කීරීමට හෝ සාක්ෂි දීමට අපොහොසත් වන පුද්ගලයකු එකී පනතේ දෙවන උප ලේඛනට අනුව පාර්ලිමේන්තුව හෝ ශ්‍රේෂ්ඨාදිකරණය විසින් දඬුවම් දිය හැකි වරදක් කල පුද්ගලයකු වන බවද ඔවුන් පෙන්වා දෙයි.

ඒ අනුව රාජ්‍ය නිලධාරීන් සාක්ෂි දීමෙන් වලකුනහොත් ඔවුන්ට දඬුවම් වීදීමේ අවදානමක් ඇති බවත් , එසේ වුවහොත් ඒ වන විට ඔවුන්ට ජනාධිපති සමාවන් ලබා දීමට සිරිසේන ජනාධිපතිවරයා පුටුවේ නොසිටින බවත් ඔවුන් පෙන්වා දෙයි.

රාජ්‍ය ආරක්ෂාවට බලපාන කරුනු ඇත්නම් ඒ පිලිබදව තොරතුරු ලබා දීම අනවශ්‍ය බව කාරක සභාව සාක්ෂිකරුවන්ට උපදෙස් දුන් අයුරු මාධ්‍ය හමුවේ අනාවරණය වී තිබෙන බවත් එලෙසම එවන් කරුණු මාධ්‍ය ඉදිරියේ හෙළි නොකිරීමට අවසර ලැබෙන බව පැහැදිලි බවත් ඔවුන් අවධාරණය කරයි.

එමෙන්ම සාක්ෂිකරුවන් සාක්ෂිදීම වැලක්වීමට ක්‍රියා කරන පුද්ගලයන්ද පනතේ පළමු උප ලේඛනයට අනුව ශ්‍රේෂ්ඨාදිකරණය විසින් දඬුවම් දිය හැකි වරදක් කල පුද්ගලයකු වන බව සඳහන් වන බවත් නීති ක්ශේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙයි.

ඒ අනුව සාක්ෂිකරුවන්ට බලපෑම් කරන ඕනෑම පුද්ගලයකුට මේ අනුව දඬුවම් ලැබිය හැකි බවත්, එලෙස බලපෑම් කරන්නේ ජනාධිපති නම්, ඔහුගේ ධූර කාලය අවසන් වීම සමග ඔහුගේ මුක්තියද අවසන් වන හෙයින් ඔහුට පවා දඬුවම් දිය හැකි බවත් ඔවුන් අවධාරණය කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න