ලිට්‍රෝ ගෑස් සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩලය : හෙට (13) රාජකාරි අරඹයි !

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩලය : හෙට (13) රාජකාරි අරඹයි !

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩලය හෙට (13) වැඩ භාරගැනීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ අනූව ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපති ලෙස ජොහාන් විජේසිංහ පත්වීම් ලබා ඇති අතර නව කළමනාකාර අධ්‍යක්ෂ ලෙස එෆ්. ෆාරුක් පත්වීම් ලබා තිබේ.

එසේම ලිට්‍රෝ ගෑස් සමාගමේ නව ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස සමන්ත පෙරේරාත් අධ්‍යක්ෂවරුන් ලෙස රන්සිරි පෙරේරා සහ චානක මානවඩු හෙට සිට සිය රාජකාරි ආරම්භ කිරීමට නියමිතව ඇත.

ඒ අනුව ලිට්‍රෝ ගෑස් සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පස් දෙනෙකු මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් පත්කර ඇති අතර අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කල පැරණි සාමාජිකයන් තිදෙනෙකුටද අඛණ්ඩව අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කිරීමට අවස්ථාව ලබාදී ඇති බවත් වාර්තා වෙයි.

කෙසේ වුවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කල කළමනාකාර අධ්‍යක්ෂ බන්දුල පරාක්‍රම ගුණවර්ධන සහ අධ්‍යක්ෂ මුදිත පීරිස් එම තනතුරු වලින් ඉවත්කර ඇති බවත් වාර්තා වෙයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න