Language Switcher

Ad

Ad 01

V2025

කබීර් සහ හලීම් : යළිත් කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරයි !

පාස්කු ප්‍රහාරය සම්බන්ධව මතුවූ දේශපාලන අර්බුදකාරී වාතාවරණය හමුවේ ඉල්ලා අස්වූ මුස්ලීම් අමාත්‍යවරුන් දෙදෙනෙකු අද (19) නැවත දිවුරුම් දුන් බව වාර්තා වෙයි.

මෙම දිවුරුම්දීම අද ජනාධිපති සිරිසේන හමුවේ සිදුව ඇති අතර දිවුරුම්දුන් අමාත්‍යවරුන් වන්නේ කබීර් හෂීම් සහ එම්.එච්.ඒ හලීම් ය.

ඒ අනුව කබීර් හෂීම් මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් එම්.එච්.ඒ හලීම් තැපැල් සේවා හා මුස්ලීම් ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙසත් ඉල්ලා අස්වීමට පෙරසිටි අමාත්‍යංශවලම දිවුරුම්දී ඇත.

රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා සම්බන්ධව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධව පාර්ලිමේන්තුව පත්කළ විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු අවසන්ව තීන්දුවක් ලැබෙන තුරු යළිත් අමාත්‍යධුර භාර නොගන්නා බවට ඉල්ලා අස්වූ අවස්ථාවේ මේ මුස්ලීම් මන්ත්‍රීවරුන් පවසනු ලැබිණ.

එහෙත් පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස නිල නිවේදනයක් නිකුත් කරමින් කබීර් හෂීම් අමාත්‍යවරයා වෙතින් ඉල්ලා සිටියේ යළිත් අමාත්‍යධුරය ලබාගන්නා ලෙසය.