Language Switcher

V2025

ලක්ෂ 6කට අලුතින් සමෘද්ධිය: අගමැතිගේ ප්‍රධානත්වයෙන් අද හෝමාගම!

ලක්ෂ 6කට අලුතින් සමෘද්ධිය ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ සමෘද්ධිලාභීන් 11227 දෙනෙක් සඳහා සමෘද්ධි හිමිකම් පත් පිරිනැමීමේ ජාතික උත්සවය අද(19) පස්වරු 3.00ට හෝමාගම විල්ෆ්‍රඩ් සේනානායක ක්‍රීඩාංගණයේ දී අතිඋත්කර්ශවත් අන්දමින් සිදු කෙරේ.

අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මැති ඇමැති රැසකගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්වේ.

මෙම උත්සව අවස්ථාවේ දී අලුතින් සමෘද්ධි ප්‍රතිලාභීන් 4510 දෙනෙකුට සංකේතාත්මකව සමෘද්ධි හිමිකම් සහතික පත් හිමි වන බව කොළඹ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඒ.ජී.එස්.අශෝක කුමාර පවසයි.

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13 න් මෙම පිරිස තෝරා ගෙන ඇති අතර හෝමාගම ප්‍රදේශයේ සුදුසුකම් ලැබූ සියලු දෙනාට සමෘද්ධි හිමිකම් සහතික පත් අද දින පිරිනමන බවත් ඔහු පවසයි.