එළැඹෙන ජනාධිපතිවරණයේදී පොහොට්ටු පාර්ශවයේ අපේක්ෂකයා ලෙස තරඟ වදින්නේ ගෝඨාභය රාජපක්ෂ බව නාරාහෙන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහිමියන් මේ බව සදහන් කර තිබේ.
තමන් මෙම ප්‍රකාශය ඉතා වගකීමෙන් සිදුකරන බවත් මහින්ද රාජපක්ෂගේ නියෝජිතයා ලෙස ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ ස්ථිර වශයෙන්ම තරග කරන බවත් එහිමියන් සදහන් කරයි.
මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශය මහින්ද රාජපක්ෂ ඉතා ඉක්මනින්ම සිදුකරන බවද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි වදාරා සිටියි.
ලංකාව නැවතත් ලෝකයේ බැබලවීමට නම් ගෝඨාභය රාජපක්ෂ සමග එකතු වෙන්නැයි රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ආනන්ද හිමි පවසයි.