සාෆිගේ වඳ සැත්කම් ගැන : පැමිණිලි 758න් 157ක් පිරිමින්ගෙන් !

සාෆිගේ වඳ සැත්කම් ගැන : පැමිණිලි 758න් 157ක් පිරිමින්ගෙන් !

වෛද්‍ය සාෆි විසින් සිසේරියන් ශල්‍යකර්මය කළ කාන්තාවන් වඳ බවට පත්කර ඇතැයි කියා පැමිණිලි 758ක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ලැබී ඇති අතර එම පැමිණිලි ඉදිරිපත් කළ පාර්ශව අතුරින් පැමිණිලි 157ක් සිදුකර ඇත්තේ පිරිමින් විසින් බව වාර්තා වෙයි.

මේ බව අනාවරණය කර සිටියේ කොළඹ අද (19) පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර විසින්ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සටහන් කරගත් පැමිණිලි අතරින් 758ක සාරාංශයක් එළඹෙන 27 වෙනිදා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වෙය.

එසේම මෙම පැමිණිලි වලට අදාල කාන්තාවන්ගේ පැලෝපීය නාල අවහිර කිරීම සම්බන්ධව පරීක්ෂණයක් කිරීමට නියමිත නමුත් වාර්තා වන පරිදි පරීක්ෂණයට ඉදිරිපත්වීමට කැමැත්ත ප්‍රකශ කර ඇත්තේ පැමිණිලි සිදුකළ කාන්තාවන් අතුරින් 71 දෙනෙකු පමණක් බවත් වාර්තා වෙය.

කාන්තාවන්ට නැවත දරුවන් බිහි නොවන්නේ ඔවුන්ගේ ස්වාමිපුරුෂයන්ගේ සරු භාවයේ ගැටලුවක් නිසා ද නැද්ද යන්න සොයාගැනීමට ස්වාමි පුරුෂයන්ද පරීක්ෂණයකට ඉදිරිපත් කළ යුතු බව දැනුම් දීමෙන් පසු පරීක්ෂණයට ඉදිරිපත්වීමට කැමතිවූ කාන්තාවන් 71 දෙනාගෙන් විශාල පිරිසක් තවදුරටත් ඊට කැමැත්තක් දක්වා නොමැති බවද වාර්තා වෙයි.

පරික්ෂණයට ඉදිරිපත්වූ 71 දෙනාගෙන් වැඩි දෙනෙකුගේ සිසේරියන් සැත්කම් කරනු ලැබුවේ කවුරුදැයි තහවුරු කරගැනීමට අවශ්‍ය වාර්තාද නැති බව කියනු ලැබේ.

සාෆි වෛද්‍යවරයා කරන ලද ලද සැත්කම්වලදී ඊට සහය වූ කිසිදු හෙදියන් විසින් හෝ සාෆි වෛද්‍යවරයා වඳ සැත්කම් කරන ලද බවට සාක්කි ලබාදී නැත.

මේ අතර වඳ සැත්කම් 4000 ක් කරන ලද බවට දිවයින පත්තරයට තොරතුරු දුන් කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිවරයාට ජාතිවාදය ඇවිස්සීමේ අරමුණෙන් අසත්‍ය කරුණු ප්‍රකාශ කිරීමේ චෝදනාව මත ICCPR සම්මුතිය යටතේ පොලිසිය විසින් නඩු පැවරීමට සුදානම් වන බව වාර්තා වේ.

 

ඒ සමඟ කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයාට එරෙහිවද නඩු පැවරීමට ඉඩ තිබෙන බව පැවසේ.

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න