බැසිල්ගේ පොල් ඉඩම් නඩුව : 2020 මාර්තු 18 ට කල් දාලා !  

බැසිල්ගේ පොල් ඉඩම් නඩුව : 2020 මාර්තු 18 ට කල් දාලා !   

මාතර ප්‍රදේශයේ අක්කර එක හමාරක පොල් ඉඩමක් රුපියල් මිලියන 60කට මිලදී ගැනීම සම්බන්ධයෙන් පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ට එරෙහිව මාතර උසාවියේ පවතින නඩුව ලබන වසරේ මාර්තු 18 වැනිදා දක්වා කල් තබා ඇති බව වාර්තා වෙයි.

මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද (19) මෙම නියෝගය නිකුත්කර ඇත.

සැකකාර බැසිල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය දරණ සමයේ මෙම ඉඩම් ගනුදෙනුව සිදුව තිබේ.

ඔහුගේ මස්සිනා වන පශූ වෛද්‍යතිස්ස ගලප්පත්ති හා නෑනා වන අයෝමි පුණ්‍යකාන්ති ගලප්පත්ති යන දෙදෙනාගේ නාරාහේන්පිට පෞද්ගලික බැංකුවක වු බද්ධ ගිණුමට සිංගප්පූරුවේ ඊගල් ගෲප් ඇසෝසියේටඩ් ආයතනයෙන් හා හොංකොංහී වර්ඩ් ඩයමන් ආයතනයෙන් ලැබී තිබූ මුදල් වලින් ඔවුන් විසින් එම ඉඩම මිලට ගෙන ඇත.

ඒ ඉඩමේ හිමිකරු වූ ජර්මන් ජාතික හර්බට් කෙලර්යන අයට මුදල් ගෙවීමෙනි.

ඒ සඳහා වැය කළ මුදල් උපයා ගත් ආකාරය ප්‍රශ්න සහගතවීම නිසා මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙම නඩුව පවරා ඇත.

වැඩිදුර නඩු විභාගය ලබන වසරේ මාර්තු මස 18 වැනි දිනට කල් තැබිණි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න