"සියලු අමාත්‍යංශවල වියදම් 15% කින් කපයි" මැයෙන් "අද" පුවත්පතේ අද (19) මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයෙන් යුතුව පළවූ පුවත නිවැරදි කරන ලෙස දන්වමින් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි.
මුදල් අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාගේ අත්සනින් යුතුව එම නිවේදනය නිකුත්කර ඇත.
අද පුවත්පතේ පමණක් නොව සමාජ මාධ්‍ය , වෙබ් කිහිපයක්ද එම පුවත උපුටා දක්වමින් ප්‍රවෘත්ති සකස්කර තිබිණ.
මේ සම්බන්ධව මුදල් අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.
01."සියලු අමාත්‍යංශවල වියදම් 15% කින් කපයි" ඉහත ශීර්ෂය යටතේ ජූනි 19 දින ඔබ පුවත්පතේ පළවූ ප්‍රධාන පුවත පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.
02.ආණ්ඩුවේ ආදායම අඩුවීමත්, වියදම වැඩිවීමත් හේතුවෙන් මූල්‍ය අර්බුදයකට යෑම වළක්වා ගැනීම සඳහා නව තීරණයක් 18 වනදා රැස්වූ අමාත්‍ය මණ්ඩලයේදී ගනුලැබ ඇතැයි අඟවමින් එම ප්‍රවෘත්තිය පළකර තිබේ.
03.සැබවින්ම 2019 අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් එම අයවැයෙහි '212' වෙනි යෝජනාවක් ලෙස රාජ්‍ය අංශයේ ප්‍රාග්ධන වියදම් මෙම වසර තුළ 10% - 15% දක්වා ප්‍රමාණයකින් ඉතිරි කිරීම සඳහා යෝජනා කර තිබිණි. ඒ අනුව, අයවැය සම්මත වූ දා සිට එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සියලු අමාත්‍යාංශ විසින් පියවර ගෙන ක්‍රියාත්මක කරමින් පවතින බව දන්වන අතර, මෙය කිසිදු වෙනත් හේතුවක් මත ගනුලැබූ නව පියවරක් නොවන බව අවධාරණය කරමි.
04.අයවැය යෝජනාවට ඇතුළත් වූ එම යෝජනාව ඔබගේ දැන ගැනීම පිණිස පහත උපුටා දක්වා ඇත.
212 "… අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කළ යුතු පරිපාලන ක්‍රියාවලිය සැළකිල්ලට ගෙන ප්‍රාග්ධන වියදම්, භාණ්ඩ හා සේවා ප්‍රතිපාදනවලින් සියයට 10 සිට සියයට 15 දක්වා ප්‍රමාණයක් ඉතිරි කිරීමට යෝජනා කෙරේ…"
05.එහෙයින් ඔබ පුවත්පතේ පළමු පිටුවේ ප්‍රධාන පුවතක් ලෙස පළවූ මෙම ප්‍රවෘත්තිය පිළිබඳ වූ මෙම පැහැදිලි කිරීම ඔබ පුවත්පතේ පළමු පිටුවේම පළකර ජනතාවට සත්‍ය දැනගැනීමට අවස්ථාවක් ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.