කබීර් හෂීම් මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් එම්.එච්.ඒ හලීම් තැපැල් සේවා හා මුස්ලීම් ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙසත් ඉල්ලා අස්වීමට පෙරසිටි අමාත්‍යංශවලම අද (19) දිවුරුම්දී සිටි නමුත් ඒ කිසිවක් සිදුව ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කිසිඳු අනුදැනුමක් නැතිව බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ බව අනාවරණයවී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවස්ථාවේදීය.
එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කර ඇත්තේ ඉල්ලා අස්වූ මුස්ලීම් අමාත්‍යවරුන් ලබන සතියේ එකට දිවුරුම්දීමට නියමිත බවය.
අන්න අරහේ කබීර් සහ හලීම් දිවුරුම්දීලා !
නමුත් අග්‍රාමාත්‍යවරයා එම ප්‍රකාශය සිදුකරනවාත් සමඟ එක්සත් ජාතික පක්ෂයේ උප නායක, අමාත්‍ය රවී කරුණානායක සහ තලතා අතුකෝරල අමාත්‍යවරිය අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් සිය පැරණි අමාත්‍යාංශවල මීට සුළුමොහොතකට පෙර දිවුරුම් දුන් බවට නිව්ස් ඇලර්ට් ලැබී ඇති බවය.
ඒකත් ව්‍යවස්ථා විරෝධීයි : කිව්වේ කට්ටියම එකට යන්න කියලා - අගමැති
රවී කරුණානායක අමාත්‍යවරයාගේ සහ තලතා අතුකෝරල අමාත්‍යවරියගේ එම ප්‍රකාශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පුදුමයට පත්ව ඇති අතර ඒ අවස්ථාවේ නොසතුටු මුහුණකින් යුතුව " මම ඊයේ (18) එයාලට කිව්වේ කට්ටිය එක්ක එකට ගිහින් දිවුරුම් දෙන්න කියලා", අනික මගේ කිසිම අදහසක් විමසන්නේ නැතිවයි මේ දිවුරුම්දීම සිදුකරලා තියෙන්නේ. එහෙම කරන්න බෑ. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. ඇයි මෙහෙම වැඩ කරගන්නේ" යනුවෙන් පවසා ඇති බවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
ඒ අවස්ථාවේ කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරමින් සිටි ජේෂ්ඨ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුද සඳහන් කර ඇත්තේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව අගමැතිතුමාගේ උපදෙස් වලින් තොරව අමාත්‍යවරුන් පත්කිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාපිත අයිතියක් නොමැති බවත් ජනාධිපතිගේ මේ ක්‍රියාවද ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් බවය.
මෙහෙම නායකයෙක් මොකටද : අජිත් පී. අගමැතිට පනියි !
මේ අවස්ථාවේ නැගීසිට ඇති අමාත්‍ය අජිත් පී. පෙරේරා යම් ආවේගාත්මක ස්වරූපයකින් අදහස් දක්වා ඇති බවද වාර්තා වෙයි. එහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, " ඔය වැඩෙනුත් පෙන්නේ පක්ෂයේ සභාපති පවා ඔබතුමාට අවනත නැති බවනේ. පක්ෂය පාලනය කරගන්න බෑ කියලා නේ මේ ඔප්පු වෙන්නේ." කියාය. එසේම "මෙහෙම නායකයෙක් මොකටද?" කියාද අජිත් පී. අමාත්‍යවරයා එහිදී පවසා ඇති බවත් දැනගන්නට ඇත.