ලංකාවේ පාස්කු ප්‍රහාරය ගැන රුසියාවෙන් අනාවරණයක් !

ලංකාවේ පාස්කු ප්‍රහාරය ගැන රුසියාවෙන් අනාවරණයක් !

ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය (IS ) විසින් සැලසුම් කර ඇති බව රුසියානු ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ලේකම් යුරී කෝකෝව් සඳහන් කර තිබේ.

ඒ රුසියාවේ පැවැති 10වැනි අන්තර්ජාතික ආරක්ෂක ගැටලු පිළිබඳ ඉහළ මට්ටමේ සාකච්ඡාවේදී ය.

“ විශේෂඥයින් තක්සේරුකර තිබෙනවා ශ්‍රී ලංකාවේ ප්‍රහාර අයිඑස් විදේශ යාන්ත්‍රණයේ ජාත්‍යන්තර ජිහාඩ් මතවාදය ඇති දේශීය කණ්ඩායමක් සිදුකළ බවට. මේ ප්‍රහාර සිදුකළ කණ්ඩායම දේශීය රැඩිකල් මතවාදය දරණ සිරියාවේ හා ඉරාකයේ අයි.එස්. සංවිධානය සමග යුද කළ පැමිණි කණ්ඩායමක්. ” බවත් ඔහු පවසා ඇත.

එසේම අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන මධ්‍යස්ථාන බවට මැදපෙරදිග, අප්‍රිකාව, දකුණු ආසියාව හා ගිණිකොණදිග ආසියාව පත්ව ඇති බවත් අතීතයේදී ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය කිව්වේ තම අනුගාමිකයන්ට ඉරාකයට හා සිරියාවට පැමිණෙන ලෙස වුවත් දැන් ඔවුන් සිය අනුගාමිකයන්ට කියන්නේ තමන්ගේ රට තුළ සිටිම්න් ජිහාඩ් ක්‍රියාකාරකම් සිදුකරන ලෙස බවද ඔහු සඳහන් කර ඇත.

මේ අවධානය යුරෝපා සංගමයේ රටවලටත් තිබෙන බවත් මේ වන විට නෙදර්ලන්තය, නෝර්වේ, ස්පාඤ්ඤය හා ප්‍රංශයේ ඔවුන් සිය ක්‍රියාකාරකම් සිදුකර තිබෙන අතර එයින් ඔවුන් යුරෝපයේ ත්‍රස්තවාදී ප්‍රහාර සිදුකිරීමට සූදානම් බව පෙනෙන බවත් රුසියානු ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ලේකම් යුරී කෝකෝව් වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න