මහානායක ස්වාමීන් වහන්සේ එ.ජා.ප.යෙන් කළ ඉල්ලීමක් ගැන : රවී කියයි !

මහානායක ස්වාමීන් වහන්සේ එ.ජා.ප.යෙන් කළ ඉල්ලීමක් ගැන : රවී කියයි !

"ඡන්දයක් කල්දාන්න අපිට කිසිදු අවශ්‍යතාවක් නැහැ. පුළුවන් තරම් ඉක්මණින් තියෙනවානම්, අපි ඒකට කැමතියි. ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තවමත් නියෝජිතයෙක් තෝරාගෙන නැහැ. අපි යථා කාලයේදි ඒ සදහා සුදුසු පුද්ගලයෙක් ඉදිරිපත් කරනවා. පක්ෂයක් වශයෙන් ඉදිරියේදී අපි ජනතාවට ඒ පිළිබදව නිසි පිළිතුරක් ලබාදෙනවා. මේ තාක් කාලයක් කිසිම කෙනෙක් රට බේරගන්න, ආරක්ෂා කරන්න කිසිම පියවරක් ගෙන නැහැ කියලා මහානායක හිමියන් පැවසුවා. ඒ සමගම අපි මිහින්තලා ආලෝක පූජාවට සහභාගි වූ අවස්ථාවේ මහානායක හිමියණ් අපෙන් ඉල්ලීමක් කළා මේ රට බේරගෙන ඉදිරියට ගෙනයන්න කියලා" යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළක‍ළේ, පසුගියදා ලංකා විදුලිබල මණ්ඩලය විසින් පාරිභෝගික ජනතාවගේ පහසුව පිණිස හදුන්වාදුන් CEB Care මෘදුකාංගය හදුන්වාදිමේ අවස්ථාවට සහභාගිවීමෙන් පසුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිලිතුරු ලබා දෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රවී කරුණානායක මෙසේද පැවසීය.

 "ජනාධිපතිවරණයත් සමගින් එ.ජා.ප. ය තුළ ගැටළුකාරී තත්ත්වයක් ඇතිවී තිබෙන බවට ප්‍රචාරයක් තිබෙනවා. නමුත් මම වගකීමේන් කියන්නේ අපේ පක්ෂය තුළ කිසිම අර්බුධයක් නැහැ. අපි දන්නවා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න ඕන කවුද කියලා. පසුගිය වකවානුවේ මාධ්‍ය විසින් මා ගැන බොහෝ ප්‍රශ්න නැගුවා. අවසානයේ ඒ චෝදනා සියල්ල අසත්‍ය වුණා. අන්න ඒ වගේ විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙනුත් මේ වකවානුවේ පැතිර යන අසත්‍ය චෝදනා ඉතාමත් මෑතකදී අසත්‍ය බවට ඔප්පු වේවි. සූර්යබල සංග්‍රාමයේ කිසිදු වෙනසක් නැහැ. අපිට අවශ්‍ය වුනේ සෑම දෙනාටම සාධාරණ ආකාරයේ එකම මිලක් ඇති කරන්නයි. මේ තත්ත්වය යටතේ ඕනම කෙනෙක්ට සූර්යබල උත්පාදනය කරන්න පුළුවන්. ඒක තමයි අපි පුනර්ජනනීය බලශක්ති උත්පාදනයට ලබාදෙන ශක්තිය.

 කැලණිතිස්ස ඇතුළු බලාගාර කිහිපයක වැඩි මිලක් යටතේ සිදුකරන විදුලි උත්පාදනය නවත්තලා, ඒ වෙනුවට අවම මිලක් යටතේ සිදුවන උත්පාදන ක්‍රමවේදයන් දියත්කල යුතුයි. රු. 15.00ට රු 16.00 ට නිෂ්පාදනය කරන්න පුළුවන් විදුලි ඒකකයක් ඇයි අපි වැඩි මිලකට නිෂ්පාදනය කරන්නේ. ඒ නිසා රු. 55.00‍්, රු.70.00 වගේ මිල ගණන් වලට සිදුකරන විදුලි නිෂ්පාදනයන් නවත්වන්න ඕන. එවැනි තීන්දු ගන්න එක අපි ඇද ඇද ඉන්න හොදනැහැ. වහාම ක්‍රියාත්මක කළ යුතුයි. ඒ යටතේ තවත් වසර දෙකක් ඇතුළත අවම පිරිවැයක් යටතේ විදුලි නිෂ්පාදනය සදහා යොමුවීම සාර්ථක කරගත හැකියි ".

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න