බස් මිල සුත්‍රය කෝ? : බස් මගී සංගමයෙන් විරෝධයක් !

බස් මිල සුත්‍රය කෝ? : බස් මගී සංගමයෙන් විරෝධයක් !

ඉන්ධන සඳහා පවතින මිල සූත්‍රයට සමාන නව බස් ගාස්තු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බවට ජාතික ගමනාගමන කොමිෂන් සභාව ලබා දුන් පොරොන්දුව පුස්සක් වී ඇති බව පෙනෙන්නට තිබෙන බව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය චෝදනා කරයි.

නිවේදනයක් නිකුත් කරමින් සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමයේ කැඳවුම්කරු විමුක්ති දුෂාන්ත මේ බව සඳහන් කරන අතර එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව නව බස් ගාස්තු ප්‍රතිපත්තියක් ලබන ජූලි පළමුවන දින සිදු කිරීමට නියමිත නව බස් ගාස්තු සංශෝධනයට පෙර සිදුකරන බවට පසුගිය ජනවාරි මාසයේ ප්‍රකාශයට පත් කළ ද මේ වන තෙක් එම නව බස් ගාස්තු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බවක් පෙනෙන්නට නැත.

තත්ත්වය මෙසේ තිබිය දී ජූලි පළමුවන දින සිදුවිය යුතු ජාතික බස් ගාස්තු සංශෝධනයේදී රුපියල් 12ක්ව පවතින අවම ගාස්තුව රුපියල් 15ක් දක්වා වැඩි කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පිඹුරුපත් සකස් කරමින් සිටියි. ඒ කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරවය.

දිගින් දිගට බොරු පොරොන්දු ලබා දෙමින් මගී ජනතාව රවටමින් සිටින ප්‍රවාහන බලධාරීන් පසුගිය වසරේ (2018) දෙසැම්බර් 31 වැනිදායින් පසුව අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අවසන් කිරීමට ගත් තීරණය ද මෙවැනිම බොරු පොරොන්දුවක් බවට පත් විය.

දිවයින තුළ සමාජ-ආර්ථික සංවර්ධනයක් ඇතිකිරීම සඳහා ගුණාත්මක, පිරිවැය ඵලදායී සහ ආරක්ෂාකාරී ඒකාබද්ධ ප්‍රවාහන පද්ධතියක් හා සේවාවක් මගින් ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුගේම විවිධ ගමනාගමන අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා සහතිකවීම අරමුණු කරගත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ මෙම වගකීම් විරහිත ක්‍රියා කලාපය සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය දැඩි පිළිකුලින් යුතුව හෙළා දකියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න